2026 IPL තරගාවලියේ 43වෙනි තරගය ඊයේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර පැවැත්වුණා.තරගය කඩුලු 7කින් පහසුවෙන් ජය ගැනීමට පැතුම් නිස්සංක ක්‍රීඩා කළ් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.
පළමුවෙන් පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 225ක් රැස් කරා.එහීදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායක රියන් පරග් ලකුණු 90ක් රැස් කරගෙන සිටියදී ශතකය අසලදී දැවී ගියා.රාජස්ථාන් ඉනිමේ අවසන් භාගයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ඩොනොවන් ෆෙරෙයිරා පන්දු 14කින් ලකුණු 47ක් රැස් කරේ දැවැන්ත හයේ පහර 6ක් සහ හතරේ පහර 2ක් සමගින්.
දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හිමි වූ ලකුණු 226ක හඹා යෑමේදී දිල්ලි ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දීමට දිල්ලි ආරම්භක පිතිකරණ යුගලය වන පැතුම් නිස්සංක සහ ලෝකේෂ් රාහුල් සමත් වුණා.ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ලට ලකුණු 110ක සබදතාවයක් ගොඩ නැගීමට සමත් වුණා.
තම පළමු IPL අර්ධ ශතකය වාර්තා කළ පැතුම් නිස්සංක ලකුණු 62යි.පැතුම්ගේ දැවීයාමෙන් පසු දිල්ලි ඉනිම ජයග්‍රහණය කරා ගෙන ගිය ලෝකේෂ් රාහුල් ලකුණු 75යි.පන්දුවාර 19.1කදී කඩුලු 3ක් පමණක් දැවී ගොස් තිබියදී ලකුණු 226ක් ලබා ගනිමින් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තරගය ජයග්‍රහණය කරා.
ඊයේ තරගයේ ලකුණු සටහන
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 20කදී කඩුලු 6ක් දැවී ලකුණු 225යි.
රියන් පරග් 90,ඩොනොවන් ෆෙරෙයිරා 47,ධෘව් ජුරෙල් 42
මිචෙල් ස්ටාර්ක් 40/3,අක්ෂාර් පටෙල් 39/1,කයිල් ජේමිසන් 48/1
දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 19.1කදී කඩුලු 3ක් දැවී ලකුණු 226යි.
ලෝකේෂ් රාහුල් 75,පැතුම් නිස්සංක 62,නිතිෂ් රනා 33
තුෂාර් ඩේෂ්පාන්ඩේ 38/1,රවින්ද්‍ර ජඩේජා 33/1,ජොෆ්රා ආචර් 46/1

