මුම්බායි – හයිද්‍රාබාද් සටනේ ජය හයිද්‍රාබාදයට!

IPL තරගාවලියේ 41වෙනි තරගය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර ඊයේ මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැත්වුණා.

සුපිරි හඹායෑමකින් පසු තරගය ජයගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 20ට ලකුණු 243ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.

ඉනිම ආරම්භයේ සිටම සන්රයිසස් පන්දුයවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට මුම්බායි පිතිකරුවන් සමත් වුණා.

එහිදී කුයින්ටයින් ඩී කොක් වෙනුවට ඊයේ තරගයට ක්‍රීඩා කළ රයන් රෙකිල්ටන් ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර වසර 18ක් පැරණි සනත් ජයසූරිය විසින් මීට පෙර තබා තිබූ වාර්තාවක් ඔහු බිද දැමීමටද සමත් වුණා.ඒ සනත් ජයසූරිය විසින් පන්දු 45කින් ශතකයක් රැස් කරමින් මුම්බායි ඉන්දියන්ස් පිතිකරුවෙක් තබා තිබූ වාර්තාවයි,රෙකිල්ටන් ඊයේ ශතකය වාර්තා කළේ පන්දු 44කින්.

හර්දික් පාන්ඩ්‍යාගේ සහ විල් ජැක්ස්ගේ වේගවත් ඉනිම් සමග ලකුණු 243ක දැවැන්ත ලකුණු පුවරුවක් මුම්බායි ඉන්දියන්ස් පිළ නිර්මාණය කරා.

සියලුම හයිද්‍රාබාද් පන්දු යවන්නන් ප්‍රහාරයට ලක් වෙද්දි එෂාන් මාලිංග පමණක් ඔහු ක්‍රියාත්මක කළ පන්දුවාර 4 ලකුණු 29කට සීමා කරමින් එක් කඩුල්ලක් දවාගැනීමට සමත් වුණා.ඔහුගේ පන්දුවාර 4ටම එල්ලවී තිබුණේ එක් හයේ පහරක්ම පමණයි.

ලකුණු 244ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් ට්‍රවිස් හෙඩ් සහ අභිෂේක් ශර්මා වේගවත් ආරම්භයක් ලබා දුන්නා.

ට්‍රවිස්ගේ වේගවත් ලකුණු 76 සහ හෙන්රිච් ක්ලාසන්ගේ වේගවත් ලකුණු 65ත් සමග හයිද්‍රාබාද් පිළ ලකුණු 249ක් ලබාගෙන කඩුලු 6කින් තරගය ජයග්‍රහණය කරේ තවත් පන්දු 6ක් ඉතිරි කරමින්.

තරගයේ ලකුණු සටහන

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5කට ලකුණු 243යි.

රයන් රෙකිල්ටන් 123,විල් ජැක්ස් 45,හර්දික් පාන්ඩ්‍යා 31
එෂාන් මාලිංග 27/1,ප්‍රාෆුල් හිංගේ 54/2,ශකිබ් හුසේන් 39/1,නිතිෂ් කුමාර් 31/1

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4කට ලකුණු 249යි.

ට්‍රවිස් හෙඩ් 76,හෙන්රිච් ක්ලාසන් 65,අභිෂේක් ශර්මා 45
අල්ලාහ් ඝසන්ෆර් 51/2,ට්‍රෙන්ට් බෝල්ට් 41/1,හර්දික් පාන්ඩ්‍යාගේ 39/1

Back To Top