ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගගේ ක්‍රීඩා දක්ෂතා තවදුරටත් වර්ධනය කිරීම සහ ජාත්‍යන්තර තරග සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමේ අරමුණින් ඔහු වෙනුවෙන්ම හෙල්ල කට්ටලයක් ස්වීඩනයෙන් ගෙන්වීමට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කළේය.
රුමේෂ් තරංග මීට පෙර භාවිත කළ හෙල්ලට හානි සිදුවීම හේතුවෙන් ඔහුගේ අවශ්‍යතාවට සහ ක්‍රීඩා දක්ෂතාවට ගැළපෙන පරිදි මෙම නව හෙල්ල කට්ටලයක් නිෂ්පාදනය කර ගෙන්වීමට කටයුතු කර ඇත.
එම හෙල්ල කට්ටලය අද (16දා) නිල වශයෙන් රුමේෂ් තරංග වෙත භාරදීම සිදුකෙරිණි. මෙම අවස්ථාවට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහ ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් එස්. අච්චුදන් මහතා සහභාගී වූ අතර, රුමේෂ් තරංගගේ පියා සහ පුහුණුකරු ටෝනි ප්‍රසන්න ද එක්ව සිටියහ.
ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දැක්වීමේ හැකියාව ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ උපරිම දක්ෂතා දැක්වීමට අවශ්‍ය ක්‍රීඩා උපකරණ සහ පහසුකම් සැලසීම ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්රමුඛ අරමුණක් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා මෙහි දී පැවසීය.


