ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන පිරිමි Major Club තරගාවලිය මැයි මස 13 වැනිදා සිට මැයි 31වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා,ඒ විස්සයි විස්ස ආකෘතියෙන්.මෙවර තරගාවලිය කාණ්ඩ 2කින් යුතුවන අතර කණ්ඩායම් 14ක් තරග වැදීමට නියමිතයි.
පළමු වටයේ තරග මැයි 17වෙනිදා සිට 25වෙනිදා දක්වා පැවැත්වෙන අතර අර්ධ අවසන් පූර්ව තරග පී සරා ඕවල් සහ සීසීසී ක්‍රීඩාංගණ වලදී රාත්‍රී තරග ලෙස මැයි 27වෙනිදා පැවැත්වීමට නියමිතයි.අවසන් පූර්ව තරගද රාත්‍රී තරග ලෙස සීසීසී සහ SSC ක්‍රීඩාංගණවල දී මැයි 29වෙනිදා පැවැත්වෙනු ඇත.අවසන් මහා තරගය රාත්‍රී තරගයක් ලෙසින් කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී මැයි 31වෙනිදා පැවැත්වීමට නියමිතයි.
යම් හෙයකින් අවසන් මහා තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් ඒ සඳහා පමණක් අමතර දිනයක් ලෙස ජුනි 1වෙනිදා නම් කර ඇත.මෙම තරගාවලියේ පසුගිය වසරේ ශූරයන් බවට පත් වූ CCC කණ්ඩායම A කාණ්ඩයෙන් ද සහ අනුශූරයන් බවට පත් වූ Panadura SC කණ්ඩායම B කාණ්ඩයෙන් ද තරගාවලියට එක් වීමට නියමිතයි.
තරගාවලිය සඳහා එක් වෙන කණ්ඩායම්
Group A
CCC,Moors SC,BRC,Tamil Union C & AC,Nugegoda S & WC,Kurunegala YCC,Badureliya SC SSC
Group B
CCC,Panadura SC,NCC,Colts CC,Bloomfield C & AC,ACE Capital CC Police SC

