ආසියානු යොවුන් මලල ක්‍රීඩා උළෙලේදි මිහින්සාටත් පදක්කමක්!

ොංකොංහීදී ආරම්භ වූ 22වෙනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා උළෙලේදී කාන්තා උස පැනීම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දින් ගැනීමට මිහින්සා අබේරත්න සමත් වුණා,ඒ මීටර් 1.72ක දක්ෂතාවයක් දක්වමින්.

මිහින්සා හැර තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10දෙනෙක් තරග බිමට පිවිසි අතර එහිදී තරුෂි අභිෂේකා කාන්තා මීටර් 800 ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.නෙත්සර දිනෙත් ද පිරිමි මීටර් 800 ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තා.

හිරූපමා රිසන්සා සහ රන්සිනි පෙරේරා කාන්තා මීටර් 200 අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තා. එමෙන්ම සදෙව් රාජකරුණා සහ ඔමෙල් සෂින්ත පිරිමි මීටර් 200 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තා. පිරිමි මීටර් 400 අවසන් මහා තරගයට සහභාගී වූ ඔමෙල් සෂින්තට සහ සදෙව් රාජකරුණාට එම ඉසව්වේ සිව්වන සහ පස්වන ස්ථාන වලින් සෑහීමකට පත් වීමට සිදු වුණා.

මීට අමතරව කවීෂ කුලතුංග පිරිමි මීටර් 110 කඩුලු ඉසව්වේ මූලික වටයේ තරගයකදී 7වෙනි ස්ථානය දිනාගත් අතර ඔෂිනි කාවින්ද්‍යා කාන්තා තුන්පිම්ම ඉසව්වේ 8වෙනි ස්ථානය දිනා ගැනීමට සමත් වුණා. පිරිමි තුන්පිම්ම ඉසව්වේදී ටෙහාර රවිෂ්ක සිව්වන ස්ථානයත් ශසිදු හංසන හයවෙනි ස්ථානයද දින් ගැනීමට සමත් වුණා.

අද තරගාවලියේ තුන්වෙනි දිනයයි.

Back To Top