Connor Esterhuizen – දකුණු අප්‍රිකානු පිතිකරණයේ මීළඟ සුපිරි තරුව ?

මේ මස ආරම්භයේදී Keshaw Maharaj ගේ නායකත්වයෙන් දකුණු අප්‍රිකාව, නවසීලන්තයේ සංචාරය කළේ විස්සයි විස්ස තරඟ පහක් වෙනුවෙන්. පළමු තරග තුන අවසානයේදී තරග 2-1 ක් ලෙස තරගාවලියේ පෙරමුණේ සිටියේ නවසීලන්තයයි. තීරණාත්මක අවසන් තරග දෙකේදී අර්ධ ශතක ලබා ගනිමින් ජයග්‍රහණ දෙකක් කරා දකුණු අප්‍රිකාව රැගෙන යෑමට කඩුලු රකින පිතිකරු Connor Esterhuizen සමත් වුණා දකුණු අප්‍රිකානු කණ්ඩායම තරගාවලිය ජයගැනීම උදෙසා වැඩිම දායකත්වයක් දැක්වුවේ ඔහුගේ පිතිකරණයි.

තරඟාවලියේ ඔහුගේ පිතිකරන දත්තයක්,

තරග – 5

ලකුණු – 200.

සාමාන්‍ය – 50.

ප්‍රහාරක වේගය – 145.90

අර්ධ ශතක – 2.

වැඩිම ලකුණු – 75.

තරගාවලියේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා වුණේ ලකුණු සියයක් සමගින් Devon Conway. Esterhuizen ගේ පිතිකරණය තරගාවලි ජයග්‍රහණයට සිදුකළ බලපෑම ( impact.) ගැන අදහසක් ලබා ගැනීමට මෙම දත්තයම ප්‍රමාණවත්. ජාත්‍යන්තර පිටියට නවකයෙක් වුවත් තරගාවලිය තුළ ඔහු පිටියේ තත්ත්වයන් වලට ( ground conditions.),තරග අවස්ථාවට ( game situations .)සහ පීඩනයට හැඩ ගැසුණු ආකාරය විචාරක ඇගයුමට ලක්වුණා.

පාසල් ක්‍රීඩකයෙක් ලෙස දකුණු අප්‍රිකානු යොවුන් කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව අපගේ කතා නායකයාට ලැබුණේ නැහැ.පාසල් සමයේ අවසන් භාගය වන විට පාසල් කණ්ඩායම තුළ හෝ නිත්‍ය ස්ථානයක් ඔහුට තිබුණේ නැහැ. ඒ නිසාම ක්‍රීඩාවෙන් ඉවත් වීමට පවා ඔහුට සිතුනේ වරක් දෙවරක් නොවේ. ගෝලීය වසංගත තත්ත්වය ඇති වුණේ ක්‍රීඩාවේ තම අනාගතය පිළිබඳව විශාල අවිනිශ්චිතතාවයකින් ඔහු පීඩා විඳීමින් සිටි අවධියකයි. ලද විවේකය තුළ ඔහු තම අනාගතය සැලසුම් කලා. එහිදී ඔහුගේ තීරණය වුණේ ක්‍රිකට් ක්‍රීඩාවට තවත් එක් අවස්ථාවක් ලබාදීමටයි. ඒ අනුව ඔහු තම ක්‍රීඩාව දියුණු කර ගැනීම උදෙසා විශාල මහන්සියක් දැරුවා.

නැවත ක්‍රිකට් තරඟ ආරම්භ වීමත් සමග Lions කණ්ඩායම නියෝජනය කරමින් පලමු පෙළ තරග වලට ඔහු එකතු වුණා. කණ්ඩායමේ ඔහුට ලැබුණේ අංක හත ස්ථානයයි. එහෙත් නිරන්තර පිතිකරන දක්ෂතා කණ්ඩායමේ පළමු පිතිකරුවන් තුන්දෙනා අතර ස්ථානයක් ඔහුට ඉක්මනින්ම ලබා දුන්නා. ඉන්පසුව ඔහුගේ නැවතුම වුණේ දකුණු අප්‍රිකානු ඒ කණ්ඩායමයි.

දකුණු අප්‍රිකානු නායක Maharaj ට අනුව Esterhuizen හුදෙක් දක්ෂතාවය මත පමණක් යැපෙන ක්‍රීඩකයෙක් නොවේ. ක්‍රීඩා පිටිය තුළ ගත කරන සෑම මොහොතකදීම යමක් ඉගෙන ගැනීමට ඔහු උත්සාහ කරනවා. සාර්ථකත්වය වගේම අසාර්ථකත්වයත් මැදිහත් සිතකින් විදදරා ගැනීමට ඔහුට පුළුවන්.

නවසීලන්ත සංචාරය සඳහා ප්‍රධාන පෙළේ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් රැසක් සහභාගි වුණේ නැහැ. විශේෂයෙන් Quinton De Kock, Ryan Rickleton, Lhuan dre Pretorius වැනි කඩුලු රැකීමේ හැකියාවක් සහිත ක්‍රීඩකයින් සංචිතය තුළ සිටියේ නැහැ. මොවුන් නැවත කණ්ඩායමට පැමිණි පසුවත් Esterhuizen හට තම ස්ථානය රැකගැනීමට හැකි ද යන්න ගැටලුවක්. නමුත් ඉහත නම් සඳහන් කළ ක්‍රීඩකයින් බොහොමයක් මේ වන විට වැඩි අවධානයක් යොමු කරන්නේ එක්දින සහ විස්සයි විස්ස තරග වලටයි.

Esterhuizen විස්සයි විස්ස තරග රටාවෙන් තම ජාත්‍යන්තර දිවිය ආරම්භ කළත් ඔහු ලකුණු 49 ක පළමු පෙළ පිතිකරන සාමාන්‍යයක්, ලකුණු 47 ක List A පිතිකරන සාමාන්‍යයක් පවත්වාගෙන තිබෙනවා. විචාරකයන් විශ්වාස කරන්නේ ඔහුට වඩාත් සුදුසු ටෙස්ට් සහ එක්දින තරඟ බවයි. එවැනි වටපිටාවක දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යෑමේ හැකියාවක් Connor Esterhuizen ට තිබෙනවා.

Back To Top