දඹුල්ලෙන් එල්ල වූ අභීයෝගයට කොළඹින් සාර්ථක පිළිතුරක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිව්දින ක්‍රිකට් තරගාවලිය හෙවත් නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල පිල ලකුණු 408ක් ලබා කොළඹ පිලට දැවැන්ත ඉලක්කයක් එල්ල කළ අතර, අද තෙවැනි දිනයේ තරගය නතර කරද්දී කොළඹ පිල එම අභියෝගයට සාර්ථක පිළිතුරක් දෙමින් කඩුලු 8ක් දැවී ලකුණු 366ක් ලබා සිටියේය.

ඒ අනුව කොළඹ පිල කඩුලු දෙකක් අතැතිව පළමු ඉනිමේ ලකුණු 42ක් පසුපසින් සිටී.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේ කොළඹ පිලේ රවිඳු රසාන්ත ලකුණු 68ක් හා තරිඳු අමරසිංහ ලකුණු 52ක් ලබා ඉනිම ශක්තිමත් කළ අතර, අද දිනයේ ධනංජය ලක්ෂාන් ලකුණු 53ක්, ප්‍රභාත් ජයසූරිය ලකුණු 54ක් හා චරිත් අසලංක නොදැවී ලකුණු 52ක් ලබා ගත්හ.

කාසියේ වාසිය දිනූ දඹුල්ල පිලේ නායක ධනංජය ද සිල්වා මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, දඹුල්ල පිලේ අංජල බණ්ඩාර ලකුණු 95කට දැවී ගිය හෙයින් ඔහුට ශතකය අහිමිවී ගියේය.

දඹුල්ල පිල පළමු ඉනිම ඕවර් 120කදී සියලු දෙනා දැවී ලකුණු 408
නිශාන් මධුෂ්ක 97, තනුක දාබරේ 56, කවීන් බණ්ඩාර 25, අංජල බණ්ඩාර 95, චමිඳු වික්‍රමසිංහ 15, කවිඳු පතිරත්න 49, අකිල ධනංජය ‍නොදැවී 26 (ප්‍රභාත් ජයසූරිය 110/3, චමෝද් බැට්ටගේ 57/2, ජනිත් ලියනගේ 28/2)

කොළඹ පිල පළමු ඉනිම ඕවර් 113කදී කඩුලු 8ක් දැවී ලකුණු 366
රවිඳු රසාන්ත 68, තරිඳු අමරසිංහ 52, ධනංජය ලක්ෂාන් 53, ප්‍රභාත් ජයසූරිය 54, ජනිත් ලියනගේ 47, චරිත් අසලංක නොදැවී 52 (කවිඳු පතිරත්න 62/2, අකිල ධනංජය 83/2, ශක්ති උදාර 93/3)

ගාල්ල ලකුණු 257ක් ඉදිරියෙන්

ගාල්ල පිලේ ඉසිත් දේව් විජේසුන්දර ලකුණු 56කට කඩුලු 5ක් බිදහෙලීමත් සමඟ අද තෙවැනි දිනය නිමාවෙද්දී මහනුවර පිල ලකුණු 209කට දැවී ගියේය. මුලින් පන්දුවට පහරදුන් ගාල්ල පිලේ පළමු ඉනිම ලකුණු 260කට සීමාවූ අතර, අද දිනය නිමාවෙද්දී ගාල්ල පිලේ දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 206ක් විය. ඒ අනුව මෙම සිව්දින ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල පිල ලකුණු 257කින් ඉදිරියෙන් සිටී.

ගාල්ල පිලේ සදීර සමරවික්‍රම ලකුණු 53ක් ලබා ගැනීමට සමත්වූ අතර, අංක 7 පිතිකරු ලෙස පිටියට පිවිසි ඔෂධ ප්‍රනාන්දු ලකුණු 55ක් ලබාගත් අතර, පළමු ඉනිමේදී ඔහු ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිස ලකුණු 84ක් ලබා ගැනීමට සමත් විය.

රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී ගාල්ල පිලේ රමේෂ් මෙන්ඩිස් ලකුණු 70ක් හා මහනුවර පිලේ ෂම්මු අෂාන් ලකුණු 52ක් ලබා ගැනීමට සමත් විය.

ගාල්ල පිල පළමු ඉනිම ඕවර් 80.2කදී සියලු දෙනා දැවී ලකුණු 260
ඔෂධ ප්‍රනාන්දු 84, පසිඳු සූරියබණ්ඩාර 33, ඉසිත් දේව් විජේසුන්දර 27, රමේෂ් මෙන්ඩිස් 70 (දුලාජ් සමුදිත 51/3, චාමික ගුණසේකර 45/5, ජෙෆ්රි වැන්ඩර්සේ 39/2)

මහනුවර පිල පළමු ඉනිම ඕවර් 58.2කදී සියලු දෙනා දැවී ලකුණු 209
පවන්ත වීරසිංහ 15, චාමික හීනටිගල 18, ෂම්මු අෂාන් 52, අෂේන් බණ්ඩාර 28, සොහාන් ඩී ලිවේරා 20, චාමික කරුණාරත්න 34 (ඉසිත් දේව් විජේසුන්දර 56/5, අසංක මනෝජ් 47/2 )

ගාල්ල පිල ‍දෙවැනි ඉනිම ඕවර් 78කදී කඩුලු 8ක් දැවී ලකුණු 206
සදීර සමරවික්‍රම 53, රමේෂ් මෙන්ඩිස් 17, ඔෂධ ප්‍රනාන්දු 55, ඉසිත් දේව් විජේසුන්දර 18 (චාමික කරුණාරත්න 12/2, දුලාජ් සමුදිත 35/2, ජෙෆ්රි වැන්ඩර්සේ 45/2 )

Back To Top