තුන්කොන් එක්දින තර­ගා­ව­ලියේදී ශ්‍රී ලංකා යෞවනියෝ දෙවැනි තැනට

ඔස්ට්‍රේලියාවේ අද නිමාවට පත්වූ තුන්කොන් එක්දින තර­ගා­ව­ලියේදී සත්කා­රක ඔස්ට්‍රේ­ලි­යා­ව පෙරමු‍ණේ සිටි අතර, එංගලන්තය පරාජය කළ ශ්‍රී ලංකා පිල දෙවැනි තැන පසු වූවේය. තරග දෙකම පරාජයට පත්වූ එංගලන්ත 19න් පහළ කාන්තා පිල තෙවැනි ස්ථානයට පත්විය.

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේ­ලි­යාව අතර අද පැවැති තරගයෙන් කඩුලු 1ක තියුණු ජයක් හිමිකර ගැනීමට ඔස්ට්‍රේලියානු යෙෘවනියන් හිමිකර ගැනීමට සමත් වූවාය.

චමුදි ප්‍රබෝ­ධාගේ නාය­ක­ත්ව­යෙන් යුත් ශ්‍රී ලංකා අවු­රුදු 19න් පහළ ක්‍රීඩි­කාවෝ අද ඔස්ට්‍රේලියාවට එරෙහි තරගයේදී මුලින් පන්දුවට පහරදී ලකුණු 174ක් ලබාගත් අතර, ඔස්ට්‍රේලියානු යෞවනියෝ ඕවර් 43.1කදී කඩුලු 9ක් දැවී ලකුණු 175ක් ලබා ගැනීමට සමත් වූහ.

බ්‍රිස්බේන්හි ඉයන් හීලි ඕවල් පිටියේ පැවති මෙම තර­ගයේ ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන අසෙනි තලගුණේ ලකුණු 42කට කඩුලු 5ක් ලබා ඔස්ට්‍රේලියානු යොවුන් පිලට ප්‍රබල තර්ජනයක් එක් කළාය. එමෙන්ම අනෙක් අන්තයෙන් ක්‍රියාත්මක වූ ‍නතුමි උපේක්ෂා ලකුණු 5කට කඩුලු 3ක් බිදහෙලීමෙන් ඔස්ට්‍රේලියාවට තවත් පීඩනයක් එල්ල විය.

ඔස්ට්‍රේලියානු පිලේ ඉන්දිරා පානෙලී හතරේ පහර 3ක් සමඟ පන්දු 81කින් ලකුණු 59ක් රැස් කර­මින් ඉනිමේ වැඩිම ලකු­ණු­ලා­භි­නිය වූ අතර, කඩුලු රකින ක්‍රීඩිකා අලෙයිසා ඩෝමෝඩි නොදැවී ලකුණු 37ක් රැස් කළාය. ඔස්ට්‍රේලියා ඉනිම කඩුලු 5කට ලකුණු 161ක් ලෙස තිබූ අතර, අවසන් කඩුලු 5 ලකුණු 12ක් තුල දවා ගත්තද එය ශ්‍රී ලංකා ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවුණි.

ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු 2 ලකුණු 84ක් තුළ බිඳ වැටු­ණ අතර, සංජනා කාවින්දි හා විමෝක්ෂා බාලසූරිය පළමු කඩුල්ලට පන්දු 86කදී ලකුණු 49ක සබඳතාවක් හා උමයංගනා පීරිස් හා විමෝක්ෂා බාලසූරිය එක්ව දෙවැනි කඩුල්ලට පන්දු 35කදී ලකුණු 35ක් එක් කළහ. ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 9ක් ලකුණු 142කට දැවීගොස් තිබියදී පිටියේ එක්වූ චමෝදි හේරත් හා යසාලී ජිතාරා පන්දු 60කදී ලකුණු 32ක සබඳතාවක් ගොඩනැගීමෙන් ශ්‍රී ලංකා ඉනිම ඉහළට එසැවිණි.

පළමු තරගයේදී එංගලන්තයට එරෙහිව අර්ධ ශතකයක් රැස්කළ ලිමන්සා තිල­ක­රත්ත අද දිනයේ ලකුණු 2කට දැවීගිය අතර, ශෂිනි ගිම්හානි ලකුණු 19කට දැවී ගියාය.

ශ්‍රී ලංකාව – ඔස්ට්‍රේලියාව හා එංගලන්තය සහභාගීවන විස්සයි20 තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර තරගය ‍මේ 13 වැනිදා ගොල්ඩ් කෝස්ට් බිල් පිපෙන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිල සියලු දෙනා දැවී ලකුණු 174 (ඕවර 49. 3) විමෝක්ෂා බාලසූරිය 25, සංජනා කාවින්දි 19, උමයංගනා පීරිස් 20, ශෂිනි ගිම්හානි 19, යසාලි ජිතාරා 16, ච‍මෝදි ‍හේරත් නොදැවී 20 (ඉරා අ‍යෙරි 29/2, මියා බාවික් 22/3)

ඔස්ට්‍රේ­ලියා යොවුන් කාන්තා පිල කඩුලු 9ක් දැවී ලකුණු 175 (ඕවර 43.1) ෂිලෝ ජුලේන් 18, ඉන්දිරා පානෙලී 59, අයිලා ජොන්සන් 20, අලෙයිසා ඩෝමෝඩි නොදැවී 37, (අසේනි තල­ගුණේ 42/5, චමුදි ප්‍රබෝධා 33/1, නෙත්මි උපේක්ෂා 5/3)

Back To Top