ලකුණු සොයන Abdullah Shafique

2023 වසරේදී පැවති පන්දුවාර පනහේ ක්‍රිකට් ලෝක කුසලානය පාකිස්ථාන කණ්ඩායමට එතරම් සුබදායී එකක් වුනේ නැහැ. නමුත් ආරම්භක පිතිකරු Abdullah Shafique තරගාවලිය හමාර කලේ තරඟ අටක් තුළ ලකුණු 336 ක් රැස් කරමින්. ඒ වනවිට ටෙස්ට් තරඟ දාහතරකදී ශතක හතරක් ඔහුගේ නමට ලියවී තිබුණා. වයසින් ඉතාමත් ලාබාල ක්‍රීඩකයෙක් වීම තුළ පාකිස්ථාන කණ්ඩායමට ඔහු පිළිබඳව තිබුණේ විශාල බලාපොරොත්තුවක්. බොහෝ විචාරකයින් Saeed Anwar සමගින් පවා ඔහුව සංසන්දනය කළා. නමුත්,

ලෝක කුසලානය හමාරවීමත් සමඟ තරඟ රටා සියල්ල ඔස්සේ විහිදුණු දක්ෂතාවල විශාල පිරිහීමකට මුහුණ දීමට ඔහුට සිදුවුණා.

2023 වසර අග දී පැවති ඕස්ට්‍රේලියානු සංචාරයේදී ටෙස්ට් තරග තුනකදී ඔහු ලබා ගත්තේ ලකුණු 100 යි.

2024 දී බංග්ලදේශය සහ එංගලන්තය ටෙස්ට් තරඟ සඳහා පාකිස්ථානයේ සංචාරය කළා. එහිදී ඉනිම දහයක් ක්‍රීඩා කළත් ලකුණු විස්සේ සීමාව පසු කිරීමට Shafique සමත් වුණේ ඉනිම දෙකකදි පමණයි. ඉන් පසුව දකුණු අප්‍රිකාවට එරෙහිව තනිදින තරග තුනකට ඔහුගේ සහභාගිත්වය ලැබුණා. නමුත් ඉන් එක් කරගයකදී හෝ ලකුණු ගිණුම ආරම්භ කිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ඔහුට ඉඩ ලබා දුන්නේ නැහැ. ඒත් සමගම කණ්ඩායමෙන් ඔහු ඉවතට විසි වුණා. ඒ නිසාම කොදෙව් ටෙස්ට් තරගාවලියත්, ශූරීන්ගේ කුසලාන තරගාවලියත් ඔහුට අහිමි වුනා.

2025 PSL තරගාවලියේදී ඔහු ඉටු කළේ ආරම්භක පිතිකරු භූමිකාව නම් නොවේ. නමුත් අර්ධ ශතක තුනක් , 150 ක ප්‍රහාරක වේගයක් රඳවා ගැනීම තුළ පාකිස්ථාන එක් දින කණ්ඩායමේ දොරටුව නැවතත් ඔහුට විවර වුණා. එහෙත් තරග හයක් පුරාවටම ඔහු ප්‍රදර්ශනය කළේ අසාර්ථකත්වය පමණයි.

මෑතකදී පැවති විස්සයි විස්ස ලෝක කුසලානයටත්, බංග්ලාදේශ තනිදින තරගාවලියටත් පාකිස්ථානය ඉදිරිපත් වුණේ Shafique නොමැතිවයි. එවැනි වටපිටාවක් තුළ නැවත තම ජාත්‍යන්තර දිවිය නිවැරදි මගට යොමු කර ගැනීමට නම් දැනට ක්‍රියාත්මක PSL තරගාවලියේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීම ඔහුට අනිවාර්ය වෙනවා.

Back To Top