2026 ආසියානු රග්බි එමිරේට්ස් පිරිමි ශූරතාවලිය එළඹෙන මැයි 24 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේදී නිල වශයෙන් ආරම්භ වීමට නියමිතයි.
මෙවර තරගාවලියේ පළමු තරගයේදීම සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම, ආසියාවේ ප්‍රබලතම රග්බි කණ්ඩායමක් වන හොංකොං චීන කණ්ඩායමට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිත අතර මෙම තරගය මැයි 24 වැනි ඉරිදා පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතයි.
මැදපෙරදිග පවතින අර්බුදය හේතුවෙන් මීට පෙර පැවති තරග කාලසටහන වෙනස් වූ අතර මීට පෙර ආසියානු රග්බි සංගමය විසින් මීට පෙර රටවල් හතරකගේ සහභාගීත්වයෙන් තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබුණද, මැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක සහ ගුවන් ගමන් ගැටලු හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) මෙවර තරගාවලියෙන් ඉවත් වී තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාව, හොංකොං සහ දකුණු කොරියාව යන රටවල් තුන අතර පමණක් තරගාවලිය “රවුන්ඩ්-රොබින්” (Round-robin) ක්‍රමයට පැවැත්වෙනු ඇත.
ආසියාවේ පළමු පෙළ රග්බි කණ්ඩායම් සමඟ කරට කර සටනක් දීමට දුෂාන් ලෙව්කේ මහතාගේ පුහුණුකාරිත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පුහුණුවීම්වල නිරතව සිටින අතර මව්බිමේදී සහ දේශීය ප්‍රේක්ෂකයින් ඉදිරියේ ක්‍රීඩා කිරීමට ලැබීම ශ්‍රී ලංකා පිලට විශාල වාසියක්ද වනු ඇතියි.
මෙවර තරගාවලියේ නිල තරග කාලසටහන:
• මැයි 24:ශ්‍රී ලංකාව සහ හොංකොං (කොළඹ තුරඟ තරග පිටියේදීපස්වරු 3.00 ට)
• ජුනි 07:හොංකොං සහ දකුණු කොරියාව (හොංකොංහිදී)
• ජුනි 13:දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව (කොරියාවේ ඉන්චියොන් නුවරදී)

