6වෙනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ 6වෙනි දිනය:ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 11වෙනි ස්ථානයට!

චීනයේ සන්යාහී පැවැත්වෙන 6වෙනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ 6වෙනි දිනය අවසන් වන විට පදක්කම් සටහනේ 11වෙනි ස්ථානයේ ශ්‍රී ලංකා කණ්ඩායම රැදී සිටී.ඒ ලෝකඩ පදක්කම් තුනක් සහ එක් රිදී පදක්කමක් සමගින්.

ශ්‍රී ලංකාව මේ වන විට දිනාගෙන සිටින පදක්කම්:

කාන්තා දුර පැනීම ඉසව්වේදී ඉෂාරා සමන්මලී මීටර් 5.87ක දක්ෂතාවයක් දක්වමින් දිනා ගත් රිදී පදක්කම,එම ඉසව්වේදීම ශෂිකලා ලංකාතිලක මීටර් 5.83ක දක්ෂතාවයක් දක්වමින් ලබා ගත් ලෝකඩ පදක්කම,ජයත්‍ර සම්පත් පිරිමි දුර පැනීම ඉසව්වේදී ලබාගත් ලෝකඩ පදක්කම සහ පිරිමි සහය දිවීමේ කණ්ඩායම අද (අප්‍රේල් 26) මීටර් 60×4 ඉසව්වේදී තත්පර 27.57ක කාලයක් වාර්තා කරමින් ලබාගත් ලෝකඩ පදක්කම මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම දිනාගත් පදක්කම් අතරට ඇතුළත්ව තිබේ.

මෙම තරගාවලිය එළැඹෙන අප්‍රේල් 30වෙනිදා දක්වා සන්යාහීදී පැවැත්වීමට නියමිතයි.

Back To Top