2026 IPL තරගාවලියේ 44වෙනි තරගය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර චෙන්නායිහීදී ඊයේ පැවැත්වුණා.තරගය කඩුලු 8කින් පහසුවෙන් ජයග්රහණය කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව මෙවර IPL තරගාවලියේ මෙතෙක් මුහුණ දුන් තරග 9න් 7ක් පරාජය වී තරග දෙකක් පමණක් ජයග්රහණය කර සිටින මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට Play offs වටයට යාමට නොහැකි බවට නිල වශයෙන් ඊයේ තහවුරු උනා.
තරගයේ මුලින්ම පන්දුවට පහර දුන්න මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට රැස් කරගත හැකිවූවේ කඩුලු 7කට ලකුණු 159ක් පමණයි.නාමන් ධීර්ගේ අර්ධ ශතකය සහ රයන් රෙකිල්ටන්ගේ ඉනිම හැර කිසිදු මුම්බායි පිතිකරුවෙක්ට සාර්ථක වීමට චෙන්නායි පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැහැ.ලකුණු 160ක ජයග්රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි චෙන්නායි කණ්ඩායම පන්දු 11ක් ඉතිරිව තිබියදී කඩුලු 2කට ලකුණු 160ක් ලබාගනිමින් පහසුවෙන්ම තරගය ජයග්රහණය කරා.
නායකත්වයේ ඉනිමක් ක්රීඩා කළ රුතුරාජ් ගයික්වාඩ්ගේ ඉනිම සහ කාර්තික් ශර්මාගේ අර්ධ ශතකය පහසුවෙන්ම චෙන්නායි ඉනිම ජයග්රහණය කරා ගෙන ගියා.මේ ජයග්රහණය සමග ප්රසාද ලකුණු සටහනේ හයවෙනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.
ඊයේ තරගයේ ලකුණු සටහන
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7කට ලකුණු 159යි.
නාමන් ධීර් 57,රයන් රෙකිල්ටන් 37,සූර්යකුමාර් යාදව් 21
අන්ශුල් කාම්බෝජ් 32/3,නූර් අහ්මඩ් 26/2,ජෙමී ඕවර්ටන් 23/1,රාමක්රිෂ්ණා ගෝෂ් 40/1
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 18.1කදී කඩුලු 2කට ලකුණු 160යි.
රුතුරාජ් ගයික්වාඩ් 67,කාර්තික් ශර්මා 54,ඌර්විල් පටෙල් 24
ජස්ප්රිට් බුම්රා 20/1,අල්ලාහ් ඝසන්ෆර් 40/1

