2026 වසර සදහා සංචිත තුනක් යටතේ මලල ක්‍රීඩා සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීම සදහා කාලසටහන් නිකුත් කර තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ 2026 වසරට නියමිත ඉදිරි ප්‍රධාන ජාත්‍යන්තර තරගාවලි ඉලක්ක කර ගනිමිනුයි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් මෙය ප්‍රකාශයට පත් කර ඇත්තේ.
මෙම වරණ පරීක්ෂණයේදී හරහා ප්‍රධාන ජාත්‍යන්තර සංචිත තුනක් සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමට නියමිත අතර එම සංචිත වනුයේ,
• පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සංචිතය
• ආසියානු ක්‍රීඩා සංචිතය
• වයස අවුරුදු 23න් පහළ ආසියානු ශූරතා සංචිතයයි.
මෙම වරණ පරීක්ෂණයේ විශේෂත්වය වන්නේ වයස අවුරුදු 23න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවට විවෘත අංශයේ පිරිමි සහ කාන්තා ඉසව් සදහාද ඉදිරිපත් වීමට අවස්ථාව ලබාදී තිබීමයි.
එහිදී ඔවුන් දක්වන දක්ෂතා හරහා 23න් පහළ ආසියානු සංචිතයට සහ ජාතික සංචිත වලට තෝරාගැනීම සිදුවේ.
මෙම වරණ පරීක්ෂණය මැයි 13,14,15 යන දිනයන්හීදී දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

