ඉන්දියාවේ පැවැත්වෙන ආසියානු බර ඉසිලීමේ ශූරතා තරගාවලියේ කාන්තා කිලෝග්‍රෑම් 48 බර පන්තියෙන් තරග කළ රවිහාරි ගුණතිලක එම ඉසව්වේ පස්වෙනි ස්ථානය දිනාගැනීමට සමත් වුණා.ඒ ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 72ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 89ක් ඔසවමින්.ඇය එස වූ සමස්ත බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 161ක්.
පිරිමි කිලෝග්‍රෑම් 60 බර පන්තියෙන් තරග වැදුණු සුපුන් සෝමතිලකද එම ඉසව්වේ පස්වෙනි ස්ථානය දිනගැනීමට සමත් වුණා.ඔහු ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 11ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 143ක් ඔසවමින්,ඔහු එස වූ සමස්ත බර කිලෝග්‍රෑම් 255ක්.ඒ අනුව රවිහාරි ගුණතිලකත්,සුපුන් සෝමතිලකත් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබාගැනීමට සමත් වුණා.

