ආසියානු පැනීමේ ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් 3ක්!

චීනයේ චොන්ග්චින්ග් (Chongqing) නුවරදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු පැනීමේ ශූරතාවලිය (Asian Jumps Championships) සඳහා සහභාගී වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිතය දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

මෙම තරගාවලිය මැයි මස 18 සහ 19 යන දෙදින පුරා චීනයේදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය

•⁠ ⁠මධුෂානි හේරත් : දුර පැනීම සහ තුන්පිම්ම
•⁠ ⁠යෙෂාන් විශ්මිත කුමාර : දුර පැනීම
•⁠ ⁠ප්‍රසාද් ක්‍රිෂාන්දන් : දුර පැනීම

මෙම සංචිතයේ ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රිෂාන්ත කුමාර මහතා කටයුතු කරනු ලබනවා.

Back To Top