SABA සුදුසුකම් ලැබීමේ පළමු දිනය ශ්‍රී ලංකාවට සුබයි!

U18 FIBA ආසියානු කුසලානය සහ SABA සුදුසුකම් ලැබීමේ තරඟ ශ්‍රී ලංකාවේදි !

FIBA ​​U18 ආසියානු කුසලානය සහ SABA සුදුසුකම් ලැබීමේ තරඟාවලිය ඊයේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා.

මෙහි පිරිමි අංශයේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරගය බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ඊයේ පැවැත්වුණා.

එම තරගය ලකුණු 132-28ක් ලෙස අතිවිශිෂ්ට ජයග්‍රහණයක් හිමි කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කාර්තු අවසානයේ ලකුණු සටහන් :

•⁠ ⁠පළමු කාර්තුව – ශ්‍රී ලංකාව 44 : බංග්ලාදේශය 7
•⁠ ⁠දෙවන කාර්තුව – ශ්‍රී ලංකාව 79 : බංග්ලාදේශය 16
•⁠ ⁠තුන්වන කාර්තුව – ශ්‍රී ලංකාව 108 : බංග්ලාදේශය 26
•⁠ ⁠සිව්වන සහ අවසන් කාර්තුව – ශ්‍රී ලංකාව 132 : බංග්ලාදේශය 28

කාන්තා අංශයේද තම පළමු තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වුණා,ඒ මාලදිවයින් කණ්ඩායම සමගින්.එම තරගය 77-44ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කාර්තු අවසානයේ ලකුණු සටහන් :

•⁠ ⁠පළමු කාර්තුව – ශ්‍රී ලංකාව 22 : මාලදිවයින 13
•⁠ ⁠දෙවන කාර්තුව – ශ්‍රී ලංකාව 37 : මාලදිවයින 23
•⁠ ⁠තුන්වන කාර්තුව – ශ්‍රී ලංකාව 53 : මාලදිවයින 37
•⁠ ⁠සිව්වන සහ අවසන් කාර්තුව – ශ්‍රී ලංකාව 77 : මාලදිවයින 44

අද තරගාවලියේදි දෙවෙනි දවසයි.

Back To Top