මධ්‍යම ආසියානු කාන්තා වොලිබෝල් ශ්‍රී ලංකා පිලට අවසන් වටයේ බලාපොරොත්තු බිද වැටෙයි
මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනය (CAVA) සංවිධාන කරන මධ්‍යම ආසියානු කාන්තා වොලිබෝල් ශූරතාවලියේ අවසන් වටයට එක්වීමේ බලාපොරොත්තු අත්හැර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා.
ඒ නේපාලයේ කත්මන්ඩු නුවරදී පැවැත්වෙන තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වූ පළමු තරග දෙකම ඉරාන සහ කසකස්තාන කණ්ඩායම් හමුවේ පරාජය වීම හේතුවෙන්.
මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගයේදී කසකස්ථානය හමුවේ වට 3-0ක් ලෙස පරාජය වීමට සිදු වූ අතර ලකුණු සටහන දැක්වුණේ, 25-9ක් 25-18ක් සහ 25-15ක් වශයෙන්.
දෙවෙනි තරගයේදී ඉරානය හමුවේද වට 3-0ක පරාජයක් අත් වූ අතර ලකුණු සටහන 25-16ක් 25-13ක් සහ 25-11ක් ලෙස දැක්වුණා.
කෙසේවෙතත් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ තුන්වන තරගය බංග්ලාදේශය පරාද කරමින් වට 3-0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ලකුණු සටහන 25-19ක් 25-9ක් සහ 25-13ක් ලෙස දැක්වුණා.
තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන අවසන් තරගය අද මාලදිවයින් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත අතර තරගය ජයග්‍රහණය කරත් ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් වටයට පිවිසීමේ හැකියාවක් නොමැත.

