Category: Sinhala

රවිහාරි සහ සුපුන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබයි!

ඉන්දියාවේ පැවැත්වෙන ආසියානු බර ඉසිලීමේ ශූරතා තරගාවලියේ කාන්තා කිලෝග්‍රෑම් 48 බර පන්තියෙන් තරග කළ රවිහාරි ගුණතිලක එම ඉසව්වේ පස්වෙනි ස්ථානය දිනාගැනීමට සමත් වුණා.ඒ ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 72ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 89ක් ඔසවමින්.ඇය එස වූ සමස්ත බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 161ක්. පිරිමි කිලෝග්‍රෑම් 60 බර පන්තියෙන් තරග වැදුණු සුපුන් සෝමතිලකද එම ඉසව්වේ පස්වෙනි ස්ථානය […]

කෝලිට 9යි බැංගලෝරයට 20යි!

ෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර ඊයේ පැවති මෙවර IPL තරගාවලියේ 57වෙනි තරගයේ ජය හිමි කර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා.ඒ කඩුලු 6ක විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරගනිමින්. වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ වූවේ පැයක ප්‍රමාදයකින් පසුවයි.පළමුවෙන් පන්දුවට පහර දුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුලු 4කට ලකුණු 192ක් රැස් කිරීමට සමත් […]

සියලුම දේශීය ක්‍රිකට් තරග කල් දැමේ!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි කල් දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා.ඊට අද ආරම්භ කිරීමට තිබූ Major Club T20 තරගාවලියද ඇතුළත්. ශ්‍රී ලංකාව තුළ මේ වන විට පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.මෙසේ කල් දමන ලද සියලුම තරගාවලි නැවත පැවැත්වෙන දිනයන් ශ්‍රී […]

ගුජරාට් ටයිටන්ස් පෙරමුණට!

2026 IPL තරගාවලියේ 56වෙනි තරගය ඊයේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර පැවැත්වුණා.මෙම තරගයෙන් ලකුණු 82ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ලකුණු 168ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.ආරම්භක පිතිකරු සායි සුදර්ශන්ගේ සහ වොෂින්ටන් සුන්දර්ගේ අර්ධ ශතක වාර්තා කරා.එෂාන් මාලිංගට ඊයේ කිසිදු කඩුල්ලක් […]

ප්‍රේම පින්නවල අභාවප්‍රාප්ත වෙයි!

ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ හිටපු ප්‍රධාන ලේකම්වරයෙකු මෙන්ම ප්‍රවීණ ක්‍රීඩා පරිපාලකයෙකු වූ ප්‍රේමා පින්නවල මහතා ඊයේ අභාවප්‍රාප්ත වුණා. 1950 දශකයේ කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයෙන් බිහිවූ දක්ෂ ක්‍රීඩකයෙකු වූ ඔහු,පසුව ක්‍රීඩා පරිපාලනය වෙත යොමු වුණා.පින්නවල මහතාගේ ක්‍රීඩා පරිපාලන ගමන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ධුරයට පත්වීමත් සමඟ ආරම්භ වූ අතර 1963 වසරේ එතැන් සිට ඔහු ප්‍රධාන තනතුරු […]

රුමේෂ් තරංගටත් වීසා ගැටලුවක්!

වීසා ලබා ගැනීමේදී මතු වූ ගැටලුවක් හේතුවෙන් හෙල්ල විසි කිරීමේ ජාතික ශූර රුමේෂ් තරංගට “SEIKO GOLDEN GRAND PRIX 2026” රන් කාණ්ඩයේ තරගාවලිය මග හැරී තිබෙනවා. ලොව ප්‍රමුඛ පෙළේ ජවන සහ පිටිය ක්‍රීඩා මළල ක්‍රීඩකයින් සහභාගී වන මෙම තරගාවලිය මැයි මස 17වෙනිදා ජපානයේ ටෝකියෝහීදී ආරම්භ වීමට නියමිතයි.රුමේෂ් තරංග යනු මේ වසර තුළ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝක […]

දකුණු ආසියානු යොවුන් මේස පන්දු පදක්කම්ලාභීන්ට පැසසුම්!

ඉන්දියාවේ ෂිම්ලාහි පැවති 2026 දකුණු ආසියානු යොවුන් මේස පන්දු ශූරතාවලියේදී රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 11ක් දිනා ගනිමින් මව්බිමට ආඩම්බරයක් ගෙන දුන් ශ්‍රී ලංකා මේස පන්දු කණ්ඩායම ඊයේ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ගරු සුනිල් කුමාර ගමගේ මහතා හමුවුණා.ඒ අමාත්‍යාංශ පරිශ්‍රයේදී. මෙම හමුවේදී, අමාත්‍යවරයා ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ සුහද සාකච්ඡාවක නිරත වූ අතර, ඔවුන්ගේ […]

ශ්‍රී ලංකා – නවසීලන්ත කාන්තා ‘ඒ‘ තරගයට වර්ෂාවෙන් තිත

නවසීලන්ත කාන්තා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම් අතර අද (12 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආරම්භ වුණු තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම මත තරගය විසඳුමකින් තොරව අවසන් විය. අද දිනයේදී යැවිය හැකි වූයේ පන්දුවාර 42 ක් පමණි. කාසියේ වාසියත් සමග පළමුව පන්දුවට පහර දුන් […]

සමන්ත දොඩන්වලට නැවතත් LPL අධ්‍යක්ෂක ධූරයට!

ලංකා ප්‍රිමි­යර් ලීග් විස්සයි විස්සයි තර­ගා­වලි අධ්‍යක්ෂ ධූරයට නැවතත් සමන්ත දොඩ­න්වෙල පත් කිරී­මට ශ්‍රී ලංකා ක්‍රිකට් පරි­ව­ර්තන කමි­ටුව තීර්ණය කර තිබෙනවා.පසුගිය් අප්‍රේල් 29වෙනිදා ඉල්ලා අස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු විධා­යක කමිටුවේ සාමා­ජි­ක‍යකු වූ සමන්ත දොඩ­න්වෙල එම ඉල්ලා අස්වී­මත් සමඟ LPL තර­ගා­වලි අධ්‍යක්ෂ තන­තු­රින් ද ඉවත් වුණා. 2022 සිට ලංකා ප්‍රිමියර් ලීග් තර­ගා­වලි අධ්‍යක්ෂ ලෙස […]

අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 තරග කාලසටහනේ සංශෝධනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (Sri Lanka Cricket) සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ මූලික තරග කාලසටහනෙහි සඳහන් තරගවල සංශෝධනයක් සිදු කිරීමට තරග සංවිධායක කමිටුව පියවර ගෙන ඇත. මෙම සංශෝධනයට අනුව මේ මස 13 වැනිදා සිට ආරම්භ වන තරග කිහිපයක ප්‍රතිවාදීන්, වේලාවන් සහ ක්‍රීඩාංගණයන් වල සංශෝධන සිදුකර තිබේ. ක්‍රීඩා සමාජවලින් සිදුකරන ලද ඉල්ලීම් […]

නිකිල් අභිලාෂ්ගේ ශතකයෙන් ඕල්ඩ් ධර්මපාලියන්ස්ට ලකුණු 51ක ජයග්‍රහණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘ගවර්නර්ස් කප්’ අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (10) ආරම්භ වූ තරග හත අතරින් එකම ශතකය වාර්තා කිරීමට ඕල්ඩ් ධර්මපාලියන්ස් කණ්ඩායමේ නිකිල් අභිලාෂ් සමත් විය. ලන්කන් ක්‍රිකට් සමාජයට එරෙහිව පැවැති තරගයේදී ඔහු ලකුණු 107ක් රැස් කරමින් දිනයේ එකම ශතකලාභියා බවට පත්විය. කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩකයා […]

චිත්‍රසිරි වාර්තාවට අනුව වැඩකරන්න ඉන්න ශ්‍රී ලංකා ක්‍රිකට් නව පරිවර්තන කමිටුව!

ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනසක් කිරීමට නම් ව්‍යවස්ථාමය සහ ව්‍යූහමය වෙනසක් අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සාමාජික සිදත් වෙත්තමුණි මහතා පවසනවා. තවදුරටත් ඔහු සදහන් කරන්නේ ඔහු මීට පෙරද අන්තර්කාලීන කමිටු සමග කටයුතු කර ඇති බවත් එම ව්‍යවස්ථාමය සහ ව්‍යූහාත්මක වෙනස නොකළහොත් පරණ තත්වයටම නැවත ඇද වැටෙන බවයි.එමෙන්ම මෙම පරිවර්තන කමිටුවේ ප්‍රමුඛතාව ලබා […]

Back To Top