Delhi පිලේ ගැලවුම්කරු – Sameer Rizvi

2026 IPL තරගාවලියේ තරග 12 ක් අවසන් වනවිට තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින්නේ Sameer Rizvi.

ඔහුගේ පිතිකරණ දත්තයන්,

තරග -2.

ලකුණු – 160.

සාමාන්‍ය – තවමත් ඔහු දවා ගැනීමට එකදු පන්දු යවන්නෙකුට හෝ හැකි වී නැහැ.

අර්ධ ශතක – 2.

ප්‍රහාරක වේගය – 163.27.

පිතිකරණය එතරම් පහසු නොවූ තණතිලි මත, කණ්ඩායම අසීරු අඩියකට පත්ව සිටි අවස්ථා වල කඩුල්ලට පැමිණ, තරමක් පරිස්සමින් ඉනිම ආරම්භ කර ඉන් පසුව වේගයෙන් ලකුණු සොයා යාමේ ඔහුගේ පරිනත පිතිකරණ රටාව විචාරකයින් ගේ ඇගයුමට ලක්ව තිබෙනවා .

ඔහුගේ පිතිකරන තල්ලුවෙන්, සහභාගි වූ තරග දෙකම ජය ගෙන ප්‍රසාද ලකුණු සටහනේ මේ වන විට Delhi Capitals කණ්ඩායම සිව්වන ස්ථානයේ රැදෙනවා.

Sameer ගේ මාමා පලමු පෙළ ක්‍රිකට්‌ ක්‍රීඩකයෙක්. ඔහු පවත්වා ගෙන යන Gandhibagh ක්‍රිකට්‌ පාසල තුළ Sameer පුහුණුවීම් කටයුතු ආරම්භ කළේ වයස අවුරුදු 11 දී. ඉන් පසු Utter pradesh ප්‍රාන්තයේ වයස අවුරුදු 16 න් පහළ, 19 න් පහළ කණ්ඩායම් වලට නායකත්වය ලබා දෙමින් ඔහු ක්‍රමිකව ඉදිරියට ගමන් කළා.

2020 වසරේදී ඔහුගේ පියා දැඩි ලෙස රෝගාතුර වුණා.නමුත් ඉන් මානසිකව කඩා වැටීම වෙනුවට වඩාත් වගකීම් සහගත ලෙස කටයුතු කිරීමට ඔහු පුරුදු වුණා. එම වසරේදීම Ranji කුසලාන වරම් දිනා ගැනීමටත් ඔහුට හැකි වුණා. නමුත් වැඩි දක්ෂතා ඔහු තුලින් ඉස්මතු වුණේ සීමිත පන්දු වාර තරග වලයි. Utter Pradesh විස්සයි විස්ස ලීගය තුළ පන්දු 49 කින් ඔහු ශතකයක් රැස් කළා. එම තරග රටාව තුල ඒ වනවිට ලකුණු 50 ඉක්මවූ පිතිකරණ සාමාන්‍ය ක් ඔහු පවත්වා ගෙන තිබුණා. ‍ප්‍රාන්තයේ වයස අවුරුදු 23 න් පහළ කණ්ඩායමට නායකත්වය ලබා දෙමින් ශුරතා ජයග්‍රහණයක් දක්වාම කණ්ඩායම රැගෙන යාමටත‍් ඔහුට පුළුවන් වුණා.

2024 වසරේදී ඔහු CSK පිලට එකතු වුණේ ටෙස්ට් වරම් නොලද ක්‍රීඩකයෙක් ක්‍රීඩක වෙන්දේසිය තුළ ආකර්ෂණය කරගත් ඉහලම ලන්සුවට අයිතිවාසිකම් කියමින් .නමුත් Dhoni ප්‍රමුඛ කණ්ඩායම ඔහුව නිසිලෙස පාවිච්චි කලේ නැහැ. ඒ නිසා ඉනිම 8 කදී ඔහුට එකතු කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 51 ක් පමණයි .

තරගාවලියේ නිමාවත් සමග යළිත් වරක් ඔහු පලමු පෙළ තරග වලට යොමු වුණා .ඒ අනුව 2024 UPT20 තරගාවලිය තුළ ලකුණු 400 ක්, 2025 තරග වාරය තුළ ලකුණු 500 ක් ඔහුගේ නම ඉදිරියෙන් සටහන් වුණා. 2025 Vijay Hazare අභියෝගය තුළ ඔහුගේ පිතිකරණ සාමාන්‍ය වුණේ ලකුණු 59 ක්. IPL තරගාවලිය තුළ දෙවන අවස්ථාවක් ඔහුට ලැබුණේ, Delhi කණ්ඩායම ඔහු මත විශ්වාසය තැබුවේ පලමු පෙළ තරග මට්ටමින් දිගින් දිගටම ලකුණු අතර සිටීමට ඔහු කටයුතු කළ නිසයි .

Delhi කණ්ඩායම තුළ ඔහුගේ මග පෙන්වන්නා වුණේ K.L.Rahul. තරුණ Sameer හට ඔහු අවවාද කීපයක්ම ලබා දුන්නා.

1. මහන්සි වී පුහුණුවීම් කටයුතු සිදු කරන්න. එය තරග වලදී සාර්ථකත්වය ලබා ගැනීම පහසු කරනවා .

2. ඔබගේ පහරවල් පරාසය පුළුල් කර ගන්න.

Rahul කී පරිදිම Sameer වඩාත් සැලසුම් සහගත ලෙස පුහුණුවීම් වල නිරත වුණා.Sweep , switch hit වැනි පහරවල් වලින් තම ක්‍රීඩාව සන්නද්ධ කර ගැනීමත් ඔහු විසින් සිදුකළා.

පුද්ගලික ජීවිතය තුළ ඔහු යාඥාව දැඩිව විශ්වාස කරනවා. එය ඔහු දකින්නේ එක්තරා විදියක භාවනාවක් ලෙසයි. මනස හිස් කරගෙන , යහපත් සිතුවිලි වලින් එය පුරවාගෙන තරග සඳහා ඉදිරිපත් වීමට යාඥාව ඔහුට උදව් කරන බව ඔහුගේ අදහසයි. දීර්ඝ කාලයක් ජාතික කණ්ඩායමට සේවය කිරීම ඔහුගේ ප්‍රමුඛතම අනාගත බලාපොරොත්තුවයි.

ider

 

Back To Top