LPL තරගාවලිය නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාවක් ?

[vc_row][vc_column][vc_column_text]ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියර එළඹෙන දෙසැම්බර් මස 4වනදා සිට 23වනදා තෙක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කොට ඇත. මෙවර තරගාවලිය වෙනුවෙන්ද කණ්ඩායම් 5ක් සහභාගි වෙයි.

තරගාවලිය නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබාදීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සලකා බලමින් සිටින බවට වෛද්‍ය ඒකක ප්‍රධානී මහාචාර්ය අර්ජුනද සිල්වා මහතා සදහන් කොට ඇත. ඊයේ දිනයේදී Pakistan Observer වෙබ් අඩවිය වෙත දුරකතනය ඔස්සේ අදහස් දක්වමින් මහාචාර්යවරයා මෙම අදහස් ප්‍රකාශ කොට ඇත.

” අපි බලාපොරොත්තු වෙනවා පූර්ණ වශයෙන් එන්නත් ලබාගත් 25%ක් පමණ ප්‍රේක්ෂකයන් පිරිසකට කොන්දේසි වලට යටත්ව තරගාවලිය නරබන්න දෙන්න. තරගාවලියට තව මාස 2ක් පමණ තියෙනවා. රටේ තත්වය පිළිබදව අපි තක්සේරු කරමින් ඉන්නවා. අනතුරුව ප්‍රේක්ෂකයන්ට තරග නැරඹීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා”.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු අදියර පසුගිය වසරේදී හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වූයේ කිසිදු ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරවය. පවතින තත්වය හමුවේ මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය නැරඹීමට එන්නත් ලබාගත් පුද්ගලයන්හට අවස්ථාව හිමිවීමට වැඩි ඉඩකඩක් පවතී.

Creeda Sports Network[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top