සන්රයිසස් කණ්ඩායම රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට හරස් වෙයි

[vc_row][vc_column][vc_column_text]ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් එක් තරගයක් ඊයේ රාතියේදී පැවැත්වූයේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතරයි. තරගයේ කාසිය වාසිය හිමිකරගත් රාජස්ථාන් නායක සංජු සැම්සන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඊයේ දිනයේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඩේවිඩ් වෝනර් වෙනුවට ජේසන් රෝයි කැදවන්නේ මංගල IPL තරගය වෙනුවෙනි.

රාජස්ථාන් ආරම්භක පිතිකරු ඊවන් ලෙවිස්ගේ ඉනීම ලකුණු 6කට සීමාකරන්නට බුවනේෂ්වර් කුමාර් සමත් විය. අනතුරුව ජයසිවාල් හා සංජු සැම්සන් අතරෙහි දෙවන කඩුල්ලට ලකුණු 56ක සබදතාවයක් ගොඩනැගුණි. යශස්වි ජයිසිවාල් දෙවන කඩුල්ල ලෙසින් ලකුණු 36කට දැවීගියේය. ලිවින්ග්ස්ටෝන් ලකුණු 4කදී දවාගැනීමට රශීඩ් ඛාන්ට හැකිවද්දී රාජස්ථාන් නායක සංජු සැම්සන් අගනා ඉනීමක් ක්‍රීඩාකරන්නට විය.

සිව්වන කඩුල්ල වෙනුවෙන් අගනා ලකුණු 84 එක්වද්දී තැඹිලි පැහැති හිස්වැසුම තමා සතුකරගන්නට සංජු සැම්සන්ට ඊයේ දිනයේදී හැකිවිය. නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 5ක් දැවී ලකුණු 164ක් රැස්කිරීමට රාජ්ස්ථාන් කණ්ඩායමට හැකිවිය. නායකත්වයේ ඉනීමක් ක්‍රීඩා කළ සංජු සැම්සන් පන්දු 57කදී හතරේ පහර 7ක් හා හයේ පහර 3ක් සමගින් ලකුණු 82ක් රැස්කරද්දී මහීපාල් ලොම්රෝ ලකුණු 29ක් රැස්කිරීමට සමත් විය.

පිළිතුරු ඉනීම වෙනුවෙන් පිටියට පිවිසි සන්රයිසස් කණ්ඩායමේ පළමු කඩුල්ලට ලකුණු 57ක් එක්වද්දී ව්රිදිමන් සහා ලකුණු 18කට දැවීගියේ ස්ටම්ප් කිරීමකට හසුවීමෙනි. අනතුරුව නායක විලියම්සන් හා ජේසන් රෝයි ජයග්‍රහණයට අවශ්‍ය අඩිතාලම සැකසීය. මංගල තරගයේදීම අර්ධශතකයක් රැස්කළ ජේසන් රෝයි දැවීයන විට පන්දු 42කදී ලකුණු 60ක් රැස්කළේ හතරේ පහර 8ක් හා හයේ පහරක් සමගිනි.

විලියම්සන් හා අභිෂේක් ශර්මා සන්රයිසස් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේ තවත් පන්දු 9ක් ඉතිරිව තිබියදීය. සන්රයිසස් නායක කේන් විලියම්සන් පන්දු 41කදී හතරේ පහර 5ක් හා එක් හයේ පහරක් සමගින් නොදැවුනු ලකුණු 51ක් රැස්කිරීමට සමත් විය.

රාජස්ථාන් රෝයල්ස් : 164-5 (20.0)
සංජු සැම්සන් 82(57), යසස්වි ජයසිවාල් 36(23)
සිද්ධාර්ත් කෞල් 2/36, බුවනේෂ්වර් කුමාර් 1/28

සන්රයිසස් හයිද්‍රාබාද් : 167-3 (18.3)
ජේසන් රෝයි 60(42), කේන් විලියම්සන්* 51(41)
මහීපාල් ලොම්රෝ 1/22, මුෂ්ටෆීසර් රහ්මාන් 1/26

Creeda Sports Network[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top