RCB නැවතත් පෙරමුණට!

IPL තරගාවලියේ 61වන තරගය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ පංජාබ් කිංග්ස් කණ්ඩායම අතර ඊයේ පැවැත්වුණා. තරගය ලකුණු 23කින් ජයග්‍රහණය කරමින් නිල වශයෙන්ම Play-offs සදහා සුදුසුකම් ලබාගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා.

තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් බැංගලෝර් කණ්ඩායම ලකුණු 222ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා. විරාත් කෝලි සහ දෙව්දත් පඩික්කල් ඉනිමේ මුල් කොටසේදී ලබා දුන් හොද ආරම්භයත්,වෙන්කටේෂ් අයියර් නොදැවී සිටිමින් රැස් කළ ලකුණු 73ත් සමග බැංගලෝර් ඉනිම පහසුවෙන්ම ලකුණු 220 සීමාවට ළගා උනා.

ලකුණු 221ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි පංජාබ් ඉනිමේ පළමු කඩුල්ල තුන්වෙනි පන්දුවේදීම දැවී ගියා. ලකුණු 19ක් තුළ මුල්පෙළ කඩුලු 3ක්ම බිද වැටී අසරණ වී තිබූ පංජාබ් ඉනිමට යම්තාක් දුරකට හෝ අස්වැසිල්ලක් වූවේ කූපර් කොනොලි සහ සූර්යන්ෂ් ශෙඩ්ජ් අතර ගොඩ නැගුණු ලකුණු 42ක සබදතාවය පමණයි.

ශෂාන්ක් සිංග්ගේ අර්ධ ශතකයත්,මාක්ස් ස්ටොයිනිස්ගේ ඉනිමත් සමග සාධනීය තත්වයකට පංජාබ් ඉනිම පැමිණියත් ජයග්‍රහණය කරා යෑමට එය ප්‍රමාණවත් වූවේ නෑ. ඒ අනුව තරගය ජයගත්‍ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවේ.

තරගයේ ලකුණු සටහන

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4කට ලකුණු 222යි.

වෙන්කටේෂ් අයියර් නොදැවී 73(40),විරාත් කෝලි 58(37),දෙව්දත් පඩික්කල් 45(25)
හර්ප්‍රීට් බ්‍රාර් 35/2,අර්ෂ්දීප් සිංග් 43/1,යුස්වෙන්ද්‍ර චෙහෙල් 42/1

පංජාබ් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8කට ලකුණු 199යි.

ශෂාන්ක් සිංගේ 56(27),කූපර් කොනොලි 37(22),මාකස් ස්ටොයිනිස් 37
රාසික් සලාම් 36/3,බුවනේෂ්වර් කුමාර් 38/2,රොමාරියෝ ශෙපර්ඩ් 8/1,ජොෂ් හෙසල්වුඩ් 36/1,සයුෂ් ශර්මා 50/1

Back To Top