අසංග චන්දන සෙනෙවිරත්න ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධූරයට!

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා ලෙස අසංග චන්දන සෙනෙවිරත්න මහතා ඊයේ (අප්‍රේල් 25) පැවත්විය.

අප්‍රේල් 25වෙනිදා මැතිවරණ කොමිසකම අධීක්ෂණය යටතේ පවත්වන ලද මැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකා ආධුනික බේස්බෝල්,සැහැල්ලු පන්දු සංගමයේ සභාපති සෙනෙවිරත්න මහතා ඡන්ද 16ක් ලබාගනිමින් සභාපති ධූරයට පත්වූවේය.ඔහු හා සභාපති ධූරයට තරග කළ පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාරු මහතා ලබාගත්තේ ඡන්ද 11ක් සහ ශ්‍රී ලංකා වෙඩි තැබීමේ ක්‍රීඩා සම්මේලනයේ උප සභාපති ශිරන්ති පීරිස් මහතා ඡන්ද 2ක් ලබාගත්තේය.

මැතිවරණ ප්‍රතිඵල අනුව පත් වූ නිලධාරී මණ්ඩලය:

සභාපති – අසංග චන්දන සෙනෙවිරත්න (ශ්‍රී ලංකා ආධුනික බේස්බෝල්/සැහැල්ලු පන්දු සංගමය)

උප සභාපතිවරු – නිලූ ජයතිලක (ශ්‍රී ලංකා ගොල්ෆ්),ඉක්බාල් බින් ඉසාක් (ශ්‍රී ලංකා ටෙනිස්),පෘථිවිරාජ් පෙරේරා (ශ්‍රී ලංකා කැනෝයිං සහ කයාකිං සදහා වූ ජාතික සංගමය),සරත් හේවාවිතාරණ (ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය)

මහලේකම් – රිෆ්මි ෆාමි (ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය)

සහකාර ලේකම් – අෂ්මිතා ගුණරත්න (ශ්‍රී ලංකා ආධුනික ඔරු පැදීමේ සංගමය)

භාණ්ඩාගාරික – ලුතිනල් කර්නල් අජිත් සියඹලාපිටිය (ජාතික ෆෙන්සිං සංගමය)

සහකාර භාණ්ඩාගාරික – දසුන් විජේසිංහ (ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය)

කමිටු සාමාජිකයින් – පවිත්‍ර ප්‍රනාන්දු (ශ්‍රී ලංකා රග්බි),දනුන තිලකරත්න (ශ්‍රී ලංකා කදු නැගීමේ සංගමය),කෝසල වික්‍රමනායක (ශ්‍රී ලංකා අශ්වාරෝහක සම්මේලනය)

මැතිවරණ ක්‍රියාවලිය ගරු විනිසුරු කේ.ටී චිත්‍රසිරි,ගරු විනිසුරු පී රණසිංහ සහ ජනාධිපති නීතීඥ හර්ෂ අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්වාධීන මැතිවරණ කොමුසමක් යටතේ පැවැත්විණි.

අලුතින් පත් වූ විධායක මණ්ඩලට 2030 වසර දක්වා වසර 4ක කාලයක් සේවය කරනු ඇතියි.

Back To Top