2026 IPL තරගාවලියේ 56වෙනි තරගය ඊයේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර පැවැත්වුණා.මෙම තරගයෙන් ලකුණු 82ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා.
පළමුවෙන් පන්දුවට පහර දුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ලකුණු 168ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.ආරම්භක පිතිකරු සායි සුදර්ශන්ගේ සහ වොෂින්ටන් සුන්දර්ගේ අර්ධ ශතක වාර්තා කරා.එෂාන් මාලිංගට ඊයේ කිසිදු කඩුල්ලක් දවාගැනීමට හැකි වූවේ නැහැ.
ලකුණු 169ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි සන්රයිසස් හයිද්‍රාබාද් ඉනිම සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට ගුජරාට් පන්දු යවන්නන් සමත් වුණා.කිසිදු හයිද්‍රාබාද් පිතිකරුවෙක් අවම ලකුණු 20 සීමාවටවත් පැමිණීමට අපොහොසත් වූ අතර වැඩිම ලකුණුලාභියා වූ පැට් කමින්ස් රැස් කරෙත් ලකුණු 19ක් පමණයි.හයිද්‍රාබාද් ඉනිමේ බිදවැටුණු කඩුලු 10න් 9ක්ම දවාගෙන තිබුණේ රබාඩා සහ හෝල්ඩර් ඇතුළු වේගපන්දු යවන්නන් වීමත් විශේෂයි.ක්‍රීඩා කළ අවසන් තරග 5ම පිට පිට ජයග්‍රහණය කළ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වෙනවා.
තරගයේ ලකුණු සටහන
ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 20කදී කඩුලු 5ක් දැවී ලකුණු 168යි.
සායි සුදර්ශන් 61,වොෂින්ටන් සුන්දර් 50,නිශාන්ට් සින්ධු 22
ප්‍රාෆුල් හින්ගේ 17/2,සකිබ් හුසේන් 37/2,පැට් කමින්ස් 20/1
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 14.5කදී සියලුදෙනා දැවී ලකුණු 86යි.

