ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ කටයුතු සඳහා කියුබාවේ සහාය

කියුබානු තානාපති පැට්‍රීෂියා ලාසරා පෙගො ගුවේරා මහත්මිය සහ ජාතික ක්‍රීඩා විද්‍යායතනය අතර හමුවක් අද (13දා) පැවැත්විය. ඒ අනුව ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ අධ්‍යක්ෂ සජිත් ජයලාල් මහතා ඇතුළු එහි නිලධාරී මණ්ඩලය මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ජාතික ක්‍රීඩා විද්‍යායතනය විසින් ක්‍රීඩාවට අදාළ අධ්‍යාපනික කටයුතු සිදුකෙරෙන අතර, ඒ වෙනුවෙන් කියුබාවට දැක්විය හැකි සහාය පිළිබඳව මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරුණි. එමෙන්ම මේ වන විටත් වලංගු තත්ත්වයේ පවතින දෙරටේ ක්‍රීඩා සංවර්ධනයට අදාළව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සහ කියුබාව අතර 2012 වසරේදී අත්සන් කර ඇති ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

Back To Top