දකුණු ආසියානු යොවුන් මේස පන්දු පදක්කම්ලාභීන්ට පැසසුම්!

ඉන්දියාවේ ෂිම්ලාහි පැවති 2026 දකුණු ආසියානු යොවුන් මේස පන්දු ශූරතාවලියේදී රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 11ක් දිනා ගනිමින් මව්බිමට ආඩම්බරයක් ගෙන දුන් ශ්‍රී ලංකා මේස පන්දු කණ්ඩායම ඊයේ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ගරු සුනිල් කුමාර ගමගේ මහතා හමුවුණා.ඒ අමාත්‍යාංශ පරිශ්‍රයේදී.

මෙම හමුවේදී, අමාත්‍යවරයා ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ සුහද සාකච්ඡාවක නිරත වූ අතර, ඔවුන්ගේ ජයග්‍රහණ අගය කරමින් ඔවුන්ගේ අනාගත ක්‍රීඩා කටයුතු සඳහා සිය සුබ පැතුම් එක් කළා.

ලබාගත් සුවිශේෂී ජයග්‍රහණ : කණ්ඩායම් ඉසව් – රිදී පදක්කම්:

•⁠ ⁠19න් පහළ පිරිමි කණ්ඩායම (නායක අකේන්, හරීන්, මතිලා, දනුක්),
•⁠ ⁠19න් පහළ බාලිකා කණ්ඩායම (නායක ටමාඩි, ෂමල්ෂා, ලෙසන්යා, සදින්ති), සහ 15න් පහළ පිරිමි කණ්ඩායම (නායක සනොන්, යෙනුල්, කෙනුර, ඔනෙල්)

ලෝකඩ පදක්කම්:

•⁠ ⁠15න් පහළ බාලිකා කණ්ඩායම (නායක චානුකි, මුතුලි, හෙසන්යා, සිත්මා).

කේවල සහ යුගල ඉසව්:

•⁠ ⁠කේවල කාණ්ඩයේ ලෝකඩ පදක්කම් – සනොන් දුල්ජිත්, චානුකි අක්ෂානා, මුතුලි සහන්යා, අකේන් බෝජිත් සහ ෂමල්ෂා දෙව්මි

ඊට අමතරව, පිරිමි, ගැහැණු සහ මිශ්‍ර යුගල ඉසව්වලින් තවත් ලෝකඩ පදක්කම් 5ක් දිනා ගත්තා.

සංචාරය සඳහා පුහුණුකරුවන් වූයේ චතුර දුෂාන් සහ ඩබ්ලිව්.ඒ. බුද්ධසිරි ,ජී.එම්.සී. කුමාරසිරි ද සිල්වා කළමනාකරු ලෙසත් සුරේකා මංචනායක ආර්යා චැපරන් ලෙසත් කටයුතු කළා.

Back To Top