ශ්‍රී ලංකා කණ්ඩායමේ CAVA අවසන් වටයේ බලාපොරොත්තු බිද වැටේ!

මධ්‍යම ආසි­යානු කාන්තා වොලි­බෝල් ශ්‍රී ලංකා පිලට අව­සන් වටයේ බලාපොරොත්තු බිද වැටෙයි

මධ්‍යම ආසි­යානු වොලි­බෝල් සම්මේ­ල­නය (CAVA) සංවි­ධාන කරන මධ්‍යම ආසි­යානු කාන්තා වොලි­බෝල් ශූර­තා­ව­ලියේ අව­සන් වට­යට එක්වීමේ බලා­පො­රොත්තු අත්හැර ගැනී­මට ශ්‍රී ලංකා කණ්ඩා­ය­මට සිදුවුණා.

ඒ නේපා­ලයේ කත්මන්ඩු නුව­රදී පැවැ­ත්වෙන තර­ගා­ව­ලියේ ශ්‍රී ලංකා පිල සහ­භාගි වූ පළමු තරග දෙකම ඉරා­න­ සහ කස­ක­ස්තා­න කණ්ඩායම් හමුවේ පරා­ජය වීම හේතු­වෙන්.

මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගයේදී කසකස්ථානය හමුවේ වට 3-0ක් ලෙස පරාජය වීමට සිදු වූ අතර ලකුණු සටහන දැක්වුණේ, 25-9ක් 25-18ක් සහ 25-15ක් වශයෙන්.

දෙවෙනි තරගයේදී ඉරානය හමුවේද වට 3-0ක පරාජයක් අත් වූ අතර ලකුණු සටහන 25-16ක් 25-13ක් සහ 25-11ක් ලෙස දැක්වුණා.

කෙසේවෙතත් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ තුන්වන තරගය බංග්ලාදේශය පරාද කරමින් වට 3-0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ලකුණු සටහන 25-19ක් 25-9ක් සහ 25-13ක් ලෙස දැක්වුණා.

තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන අවසන් තරගය අද මාලදිවයින් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත අතර තරගය ජයග්‍රහණය කරත් ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් වටයට පිවිසීමේ හැකියාවක් නොමැත.

Back To Top