ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම අප්‍රේල් මාසයේදී එංගලන්තය ද ඇතුළත් වන තුන්කොන් තරගාවලියකට සහභාගී වීම සඳහා ඕස්ට්‍රේලියාවේ සංචාරය කරනු ඇත.
සංචාරය අතරතුර කණ්ඩායම තරඟ 06කට ක්‍රීඩා කරනු ඇති අතර, එයට ඕවර 50 තරඟ දෙකක් සහ විස්සයි20 තරඟ හතරක් ඇතුළත් වේ.
කණ්ඩායම 2026 අප්‍රේල් 3 වන දින ඕස්ට්‍රේලියාව බලා පිටත් වේ.


