වයස අවුරුදු 18න් පහළ FIBA ආසියානු කුසලානයට සුදුසුකම් ලැබීමේ SABA තරගාවලියේ බාලක බාලිකා අවසන් මහා තරග ඊයේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.
බාලක සහ බාලිකා අවසන් මහා තරග දෙකටම ඉන්දීය සහ ශ්‍රී ලංකා කණ්ඩායම් සුදුසුකම් ලබා සිටි අතර ශ්‍රී ලංකා කණ්ඩායම් දෙකටම ඉන්දීය කණ්ඩායම් හමුවේ පරාජයට පත් වීමට ඊයේ සිදු වුණා.
බාලිකා අවසන් මහා තරගයේදී ලකුණු 83 – 57ක් ලෙස ඉන්දියාව හමුවේ පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා.
කාර්තු අවසානයේ ලකුණු සටහන :
• පළමු කාර්තුව – ශ්‍රී ලංකාව 20 : ඉන්දියාව 16
• දෙවෙනි කාර්තුව – ශ්‍රී ලංකාව 32 : ඉන්දියාව 46
• තුන්වෙනි කාර්තුව – ශ්‍රී ලංකාව 42 : ඉන්දියාව 63
• සිව්වන සහ අවසන් කාර්තුව – ශ්‍රී ලංකාව 57 : ඉන්දියාව 83
බාලක අවසන් මහා තරගයේද ජයග්‍රහණය හිමි කරගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වූවේ ලකුණු 78 – 56ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කරමින්.
කාර්තු අවසානයේ ලකුණු සටහන :
• පළමු කාර්තුව – ශ්‍රී ලංකාව 4 : ඉන්දියාව 20
• දෙවෙනි කාර්තුව – ශ්‍රී ලංකාව 22 : ඉන්දියාව 42
• තුන්වෙනි කාර්තුව – ශ්‍රී ලංකාව 38 : ඉන්දියාව 57
• සිව්වන සහ අවසන් කාර්තුව – ශ්‍රී ලංකාව 56 : ඉන්දියාව 78

