ශ්‍රී ලංකාව පැරදවූ නවසීලන්තය U85KG රග්බි කණ්ඩායමට පූර්ණ තරගාවලි ජයක්!

ශ්‍රී ලංකාවේ සංචාරයක නියුතු නවසීලන්ත කිලෝග්‍රෑම් 85න් පහළ රග්බි කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම පරදවා 2-0ක පූර්ණ තරගාවලි ජයක් ලැබීමට සමත් වුණා.ඒ ශ්‍රීමත් ග්‍රැහැම් හෙන්රි කුසලානයේ දෙවෙනි තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව දෙවෙනි තරගයද ජයගනිමින්.

2026 වසරේ තරගාවලියේ පළමු තරගය අප්‍රේල් 25වෙනිදා කොළඹ දී පැවති අතර එම තරගය 27-16ක් ලෙසත්,මැයි තුන්වෙනිදා නිත්තවෙල ක්‍රීඩාංගණයේ පැවති තරගය ලකුණු 25ට 10ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට නවසීලන්ත U85KG කණ්ඩායම සමත් වුණා.

කෙසේවෙතත් ගියවර තරගාවලියට වඩා මෙවර තරගාවලියේදී ශාරීරික යෝග්‍යතාව අතින් ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් සිටි බවක් දක්නට ලැබුණා.ඒ අනුව වසර දෙකක් අඛණ්ඩව පැවති මෙම ශ්‍රීමත් ග්‍රැහැම් හෙන්රි කුසලානයේ නවසීලන්ත කණ්ඩායම තවමත් අපරාජිතව පසු වෙනවා..

Back To Top