දකුණු අප්‍රිකාවට තවත් ජයක්

[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන 20/20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය පර්ත් හිදී පැවැත්වුණා.

කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 133 ක්. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ සූරියකුමාර් යාදේව් පන්දු 40 කදී ලකුණු 68ක් රැස් කළා.ඔහුගේ ඉනිමට හතරේ පහර 6 ක් සහ 6 පහර 3ක් ඇතුළත්. පන්දු යැවීමේදී ලුන්ගි එන්ඩිනි කඩුලු 4යි. වේන් පානෙල් කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ක්‍රීඩාකළ දකුණු අප්‍රිකා කණ්ඩායම පළමු කඩුලු 3 ලකුණු 24 කට දැවී ගියා. කඩා වැටුණු දකුණු අප්‍රිකා ඉනිම ගොඩ නැගුවේ එයිඩ්න් මැක්‍රම් සහ ඩේවිඩ් මිලර්. ඔවුන් දෙදෙනා සිව්වන කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ලකුණු 76ක්. මැක්‍රම් ලකුණු 52 යි. දකුණු අප්‍රිකාව තරගය ජය ගත්තේ පන්දුවාර 19 පන්දු 4 අවසානයේ කඩුලු 5ක් දැවී තිබියදී. ඩේවිඩ් මිලර් නොදැවී ලකුණු 59යි.

එම ජයග්‍රහණය සමග දකුණු අප්‍රිකාව දෙවන කාණ්ඩයේ ලකුණු සටහන අනුව පළමු ස්ථානයට පැමිණියා.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top