2026 IPL තරගාවලියේ 55වෙනි තරගය ඊයේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ පංජාබ් කිංග්ස් කණ්ඩායම අතර පැවැත්වුණා.එම තරගයෙන් කඩුලු 3ක ජයක් ලැබීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.ඊයේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තරගයට එක් වුණේ ප්‍රධාන වෙනස්කම් පහක් සහිතව,පෙර තරගයේදී අර්ධ ශතකයක් ලබාගත් පැතුම් නිස්සංකටද ඊයේ තරගය අහිමි උනා.
මුලින්ම පන්දුවට පහර දුන් පංජාබ් කිංස් කණ්ඩායම කඩුලු 5කට ලකුණු 210ක ඉලක්කයක් නිර්මාණය කිරීමට සමත් වුණා.ප්‍රියාන්ෂ් ආර්යා ලබාදුන් ආරම්භයත් නායක ශ්‍රෙයාස් අයියර් නොදැවී ක්‍රීඩා කළ ඉනිමත් සමග පංජාබ් ඉනිම පහසුවෙන්ම ලකුණු 200 සීමාව පසු කිරීමට සමත් වුණා.
ලකුණු 211ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ලබාගත් ආරම්භය එතරම් සාර්ථක එකක් උනේ නෑ.ඔවුන්ගේ මුල්පෙළ කඩුලු 3ම ලකුණු 33ක් තුළ අහිමි උනා.බිද වැටෙමින් තිබූ දිල්ලි ඉනිම ගොඩ නැගුවේ තරග 11කදීම පිට පිට අසාර්ථක වූ දිල්ලි කැපිටල්ස් නායක අක්ෂාර් පටෙල් සහ ඩේවිඩ් මිලර්.ඔවුන් දෙදෙනාම අර්ධ ශතක රැස් කළ අතර ඔවුන් දෙදෙනා අතර ගොඩ නැගුණු සබදතාවය ලකුණු 64ක්.
ඔවුන් දෙදෙනාගේ දැවී යාමෙන් පසු අශුතෝෂ්,ටිවාරි සහ අකියුබ් ක්‍රීඩා කළ වේගවත් ඉනිම් සමගින් පන්දුවාරයක් ඉතිරිව තිබියදී ලකුණු 216ක් ලබාගනිමින් තරගය කඩුලු 3කින් ජයගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.මේ දිල්ලි කණ්ඩායම මෙවර තරගාවලිය තුළ ලබාගත් 5වෙනි තරග ජයග්‍රහණය වන අතර මේ වන විට ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ 7වෙනි ස්ථානයේ රැදී සිටිනවා.
තරගයේ ලකුණු සටහන
පංජාබ් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20කදී කඩුලු 5ක් දැවී ලකුණු 210යි.
ප්‍රියාන්ෂ් ආර්යා 56,ශ්‍රෙයාස් අයියර් නොදැවී 59,කූපර් කොනොලි 38
මාධව් ටිවාරි 40/2,මිචෙල් ස්ටාර්ක් 57/2,මුකේෂ් කුමාර් 31/1
දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 19කදී කඩුලු 7ක් දැවී ලකුණු 216යි.
අක්ෂාර් පටෙල් 56,ඩේවිඩ් මිලර් 51,අශුතෝෂ් ශර්මා 24,මාධව් ටිවාරි 18
අර්ෂ්දීප් සිංග් 21/2,යෂ් තාකූර් 55/2,බෙන් ඩ්වොර්ශියුස් 51/1,මාර්කස් ස්ටොයිනිස් 44/1

