ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ උපදේශක ධුරයෙන් ඉල්ලා අස්වීමට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා තීරණය කර තිබෙනවා.ඒ අනුව අලුතින් පත් කරන ලද ක්‍රිකට් පරිවර්තන කමිටුවට ලිපියක් යොමු කරමින් ඔහු කියා සිටියේ, ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ කටයුතු කිරීමත්,මාතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති ධුරයත් යන දෙකම දැරීම සම්බන්ධයෙන් ඇති විය හැකි ගැටලු පිළිබද සලකා තමා මේ තීරණය ගත් බවයි.
තමා වගකීම් භාරගත්තේ රැකියාවක් අවශ්‍ය නිසා නොව, ජාතික කණ්ඩායමට දුෂ්කර කාල පරිච්ඡේදයකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සේවය කිරීමට ඉල්ලා සිටි නිසා බවටද ජයසූරිය පැවසීය.ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබෑම් තත්වයන් නොතකා, ප්‍රධාන පුහුණුකරු ලෙස වගකීම භාරගත් බවත්,පසුගිය විස්සයි විස්ස ලෝක තරඟාවලියෙන් පසු එම තනතුරෙන් ඔහු ඉල්ලා අස්වූ බවත් ඔහු පවසා සිටියා.
එමෙන්ම නව පරිපාලනයේ කටයුතුවලට බාධාවක් වීමට තමා අකමැති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව එහි කීර්තිමත් කාලයට නැවත ගෙන යාමට කමිටුව සමත් වනු ඇතැයි ඔහු බලාපොරොත්තුවෙන් සිටිනවා.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට තමා දක්වන සහයෝගය කිසි විටෙකත් නිල තනතුරක් දැරීම මත රඳා නොපවතින බවත්, පද්ධතියෙන් පිටත සිට ක්‍රීඩාවට සහාය දීම දිගටම කරගෙන යන බවත් ජයසූරිය පවසා සිටියා.

