ඉන්දියාවේදී ආරම්භ වූ 2026 SAFF කාන්තා ශූරතාවලියේ ශ්රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගය ඊයේ භූතාන කණ්ඩායමට එරෙහිව පැවැත්වුණා.ඒ අනුව ඊයේ දිනයේ දෙවන තරඟය ලෙස පැවති එම තරගයෙන් භූතාන ජාතික කාන්තා පාපන්දු කණ්ඩායම ශ්රී ලංකාවට එරෙහිව ගෝල 4-0 ක විශිෂ්ට ජයග්රහණයක් ලබා ගැනීමට සමත් වුණා.
තරගයේ සහ භූතාන කණ්ඩායමේ පළමු ගෝලය නායිකා පේමා චෝඩෙන් ෂෙරිං විසින් 27 වන මිනිත්තුවේදී වාර්තා කළ අතර පළමු අර්ධය අවසන් වුණේ ලකුණු 1-0 ක් ලෙස භූතානය පෙරමුණේ තබමින්.තරගයේ 54 වන මිනිත්තුවේදී ඩෙකී ලාසොම් භූතානය වෙනුවෙන් ඔවුන්ගේ දෙවෙනි ගෝලයත්,පේමා විසින් 80 වන සහ 83 වන මිනිත්තුවලදී තවත් ගෝල දෙකක්ද රැස් කිරීමට සමත් වුණා.
ඒ අනුව ගෝල 4-0ක පරාජයක් අත්විදීමට ශ්රී ලංකා කණ්ඩායමට සිදු වුණා.කණ්ඩායම් හයක් තරඟ වදින මෙම තරගාවලියේ කාණ්ඩ දෙකකින් කණ්ඩායම් තුන බැගින් තරග වදින අතර සෑම කාණ්ඩයකම ඉහළ සිටින කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට පිවිසෙනු ඇත.

