Author: Sameera Peiris

කබඩි පිරිමි අංශයේ ශුරතාව ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමට

ජාතික කබඩි තරගාවලියේ පිරිමි අංශයේ ශුරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සමත්වුණා. එහි කාන්තා ශූරතාව දිනා ගත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි. ශ්‍රී ලංකා කබඩි සම්මේලනය විසින් සංවිධාන කරන ලද ජාතික කබඩි තරගාවලිය පැවැත්වුණේ පනාගොඩ යුද හමුදා ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේදි. පිරිමි අවසන් තරගයට යුද හමුදා කණ්ඩායම සහ ගුවන් හමුදා කණ්ඩායම සුදුසුකම් ලබා සිටියා. එහිදි […]

ක්ලිෆර්ඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ ශූරතාව මහනුවරට

ක්ලිෆර්ඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට මහනුවර කණ්ඩායම අද සමත් වුණා. ඔවුන් මෙම ශුරතාව දිනූ 22 වැනි අවස්ථාව මෙයයි. මහනුවර සහ සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම් අතර අවසන් තරගය අද පැවැත්වුණේ මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී. ආරම්භයේ සිටම දෙපිලම තියුණු තරගයක නිරතවූ අතර, පළමු අර්ධයේදී මහනුවර ක්‍රීඩකයින් ලකුණු 17 ක් රැස් කළා. සීආර් ක්‍රීඩකයින් […]

අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ තරග උණුසුම් වෙයි

අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගවලින් ජය හිමිකර ගැනීමට ‍දිල්ලි කැපිටල්ස් සහ රාජස්ථාන් රෝයලස් යන කණ්ඩායම් සමත්වුණා. දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තරග වැදුණේ, චෙන්නායි සුපර් කිංස් කණ්ඩායම සමගයි. එම තරගය පැවැත්වුණේ, චෙන්නායිහි දී. පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම,පන්දුවාර 20 ඇතුළත කඩුලු 6 ක් දැවී ලකුණු 183 ක් රැස් කළා. කේ එල් රාහුල් ලකුණු […]

ශ්‍රී ලංකා ක්‍රිකට් මුල් පුටුව යළිත් ශම්මි සිල්වාට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025-27 කාල සීමාව සඳහා වන නිළවරණය අද දිනයේ දී පැවැත්වුණා. එහිදී අඛණ්ඩව සිව්වන වරටත් ක්‍රිකට් සභාපතිවරයා බවට පත්වන්නට හිටපු සභාපති ශම්මි සිල්වා මහතාට හැකියාව ලැබුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් 64 වනි වාර්ෂික මහා සමුළුවේදී මෙම නිළවරණය පැවති අතර ශම්මි සිල්වා මහතා නිතරගයෙන්ම සභාපති ධූරයට පත්වුණා.

Back To Top