මොයීන් අලී ටෙස්ට් පිටියට සමුදීමට සැරසෙයි !!!

[vc_row][vc_column][vc_column_text]අලුබදුන ටෙස්ට් තරගාවලියට පෙර ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක මොයීන් අලි තීරණය කොට ඇත. ජාත්‍යන්තර ටෙස්ට් තරග 64කට ක්‍රීඩා කොට ඇති මොයීන් අලී ටෙස්ට් පිටියට සමුදීමේ තීරණයට එළඹ ඇති බව ESPNCRICINFO වෙබ් අඩවිය වාර්තා කොට ඇත. විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය හා අලුබදුන තරගාවලිය සදහා දිගුකාලයක් නිවසින් බැහැරව සිටිමට සිදුවීම හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන ඇත.

තුන් ඉරියව් ක්‍රීඩක මොයීන් අලි මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරයි. Espn වෙබ් අඩවි වාර්තා කරන අන්දමට ටෙස්ට් පිටියට සමුදීම සම්බන්ධයෙන් මොයීන් අලි එංගලන්ත නායක ජෝ රූට් හා පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් දැනුවත් කොට ඇත. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් වුවද ඉදිරියේදීත් සීමිත පන්දුවාර තරග හා ලීග් තරග ක්‍රීඩා කිරීමට මොයීන් අලි බලාපොරොත්තු වෙයි.

මොයීන් අලි එංගලන්ත වෙනුවෙන් ටෙස්ට් තරග 64 තුළදී ලකුණු 2914ක් රැස්කිරීමට සමත් වූයේ 28.29ක පිතිකරණ සාමාන්‍ය‍යක් රදවාගනිමිනි. පන්දුවෙන්ද විශිෂ්ට දස්කම් පෑ මොයීන් අලි ටෙස්ට් කඩුලු 195ක් දවාගැනීමට සමත්විය. 34 හැවිරිදි වියෙහි පසුවන මොයීන් අලී අවසන් වරට ඉන්දියාව සමගින් ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කළ අතර ඔහු එළඹෙන අලුබදුන තරගාවලිය වෙනුවෙන් එක් නොවනු ඇත.

Creeda Sports Network[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top