2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින්ට ලියාපදිංචි වීම සඳහා මැයි 8 සිට මැයි 20 වැනිදා දක්වා අවස්ථාව ලබාදී තිබූ අතර ඒ අනුව විදෙස් ක්‍රීඩකයින් 650කට අධික සංඛ්‍යාවක් මෙවර තරගාවලිය සඳහා ලියාපදිංචි වී ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියා. ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් 21ක ක්‍රීඩකයින් මෙලෙස ලියාපදිංචි වී සිටීම විශේෂත්වයක්. මෙවර […]
අන්තර් සමාගම් දැල්පන්දු තරගාවලිය වසර දෙකකට පසු නැවතත්!
ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමය සංවිධානය කරන අන්තර් සංගම් නෙට්බෝල් තරගාවලිය මැයි 23 හා මැයි 24 යන දෙදින පුරා කොළඹ ටොරින්ටන් පෙදෙස ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතයි. නෙට්බෝල් කණ්ඩායම් 29ක් එක්වන මෙම තරගාවලිය වසර 2කට පසුවයි නැවත පවත්වන්නට කටයුතු යොදා තිබෙන්නේ. මේ තරගාවලිය ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමය සංවිධාන කරන අතර, මෙමඟින් නැඟී එන ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා […]
සනත් ජයසූරිය ඉල්ලා අස්වෙයි!
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ උපදේශක ධුරයෙන් ඉල්ලා අස්වීමට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා තීරණය කර තිබෙනවා.ඒ අනුව අලුතින් පත් කරන ලද ක්‍රිකට් පරිවර්තන කමිටුවට ලිපියක් යොමු කරමින් ඔහු කියා සිටියේ, ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ කටයුතු කිරීමත්,මාතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති ධුරයත් යන දෙකම දැරීම සම්බන්ධයෙන් ඇති විය හැකි ගැටලු […]
සුපර් ලීග් පාපන්දු ශූරතාවලිය ජුනි 12වෙනිදා සිට!
ෙරට පාපන්දු කැලැන්ඩරයේ ප්‍රධානතම පාපන්දු තරගාවලි 2ක් වන වෘත්තීය මට්ටමේ සුපර් ලීග් ශූරතාවලිය හා අන්තර් ක්‍රීඩා සමාජ එෆ්.ඒ. කුසලාන තරගාවලිය ලබන මාසයේ ආරම්භ වීමට නියමිතයි. සුපර් ලීග් ශූරතාවලිය ජුනි මස 12වෙනිදා ආරම්භ වී නොවැම්බර් මස 15වෙනිදා දක්වා පැවැත්වෙන අතර ඊට ප්‍රධානතම පාපන්දු ක්‍රීඩා සමාජ 10ක් ක්‍රීඩා කරනි ඇතියි. එෆ්.ඒ. කුසලාන තරගාවලිය ජුනි මස 6වෙනිදා පැවැත්වෙන […]
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට නව තේරීම් කමිටුවක්!
ශ්‍රී ලංකා ක්‍රිකට් සදහා නව තේරීම් කමිටුවක් පත් කර තිබෙනවා.ඒ අනුව හිටපු තේරීම් කමිටු සභාපති කපිල විජේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සාමාජිකයින් 5 දෙනෙකුගෙන් යුත් නව තේරීම් කමිටුවක් පත් කර තිබෙනවා. මෙම කමිටුවට කපිල විජේගුණවර්ධන, බ්‍රෙන්ඩන් කුරුප්පු, අමල් සිල්වා, වරුණ වරාගොඩ සහ වෙනිසා ද සිල්වා යන පිරිස ඇතුළත්. ඒ අනුව ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ තේරීම් කමිටුව […]
ශ්‍රී ලංකා – භූතාන පාපන්දු තරගය ජුනි 8!
එළැඹෙන ජුනි 8වෙනිදා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වෙන FIFA ජාත්‍යන්තර මිත්‍රශීලී තරඟ මාලාව යටතේ ජාත්‍යන්තර මිත්‍රශීලී තරඟයකදී ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායම භූතානයට එරෙහිව තරඟ කිරීමට නියමිතයි. මෙම තරඟය SAFF ශූරතා චක්‍රය ඇතුළුව ඉදිරි කලාපීය තරඟ සඳහා ශ්‍රී ලංකාව සූදානම් වීමේ කොටසක් ලෙස පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව අවසන් වරට ජාත්‍යන්තර තරගයකට සහභාගී වූයේ මාර්තු මාසයේදීය. 2027 […]
ශ්‍රී ලංකා – නවසීලන්ත කාන්තා ‘ඒ‘ විස්සයි-20 සටන ඇරඹෙයි
සංචාරක නවසීලන්ත කාන්තා ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (21දා) දඹුල්ල රංගිරි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙ.ව. 10. ටට ආරම්භ වේ. එක්දින තරගාවලිය 1-0ක් ලෙස නවසීලන්ත කණ්ඩායම ජයගෙන සිටින බැවින්, විස්සයි-20 තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට ගෞරවාන්විත අවසන් කිරීමක් සඳහා ඇති අවසන් අවස්ථාව ලෙස […]
කල්දැමුණු Major Club තරගාවලිය යළි ආරම්භවේ
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් කල් දැමුණු Major Club විස්සයි විස්ස තරගාවලිය මැයි මස 23වෙනිදා සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. මැයි මස 13වෙනිදා සිට මැයි 31වෙනිදා දක්වා මෙම තරගාවලිය පැවැත්වීමට කලින් තීරණය කර තිබුණු අතර නව කාලසටහන අනුව මැයි 23වෙනිදා සිට ජුනි 5වෙනිදා දක්වා තරග පැවැත්වීමට නියමිතයි. පෙර කාලසටහනේ කණ්ඩායමකට එක් […]
ශ්‍රී ලංකාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට!
පාකිස්තාන-බංග්ලාදේශ ටෙස්ට් තරඟාවලිය නිමාවීමත් සමඟම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් අද (මැයි 20) නිකුත් කළ නිල ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම එක් ස්ථානයකින් ඉහළට පැමිණෙමින් ලොව 6 වන ස්ථානය හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා 6වෙනි ස්ථානයේ සිටි පාකිස්තාන කණ්ඩායම බංග්ලාදේශය හමුවේ ලද පරාජය සමග ස්ථාන 2කින්ම පසුබසිමින් 8වන ස්ථානයට පත්ව ඇති අතර බංග්ලාදේශ […]
U.S.-based investor Sandhya Ajjarapu takes ownership of Kandy Royals
Kandy Royals today announced that the franchise will come under the ownership of Sandhya Ajjarapu, a U.S.-based investor and entrepreneur with interests across healthcare, biotech, biofuels, information technology, pharmaceuticals, sports and media. The new ownership marks an important step for Kandy Royals as the franchise prepares for the upcoming Lanka Premier League Sixth Edition. Ajjarapu […]
ශ්‍රී ලංකා – හොංකොං සටනින් ඇරඹෙන ආසියානු රග්බි ශූරතාවලිය!
2026 ආසියානු රග්බි එමිරේට්ස් පිරිමි ශූරතාවලිය එළඹෙන මැයි 24 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේදී නිල වශයෙන් ආරම්භ වීමට නියමිතයි. මෙවර තරගාවලියේ පළමු තරගයේදීම සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම, ආසියාවේ ප්‍රබලතම රග්බි කණ්ඩායමක් වන හොංකොං චීන කණ්ඩායමට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිත අතර මෙම තරගය මැයි 24 වැනි ඉරිදා පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතයි. මැදපෙරදිග පවතින […]
Witness Sports Alliance LLC takes ownership of Colombo Kaps
Colombo Kaps today announced that the franchise will come under the ownership of Witness Sports Alliance LLC, led by Saranyan Palaniswamy and K.C. Shyam Kangayan, ahead of Lanka Premier League Season 6. The new ownership marks an important step in the franchise’s journey as Colombo Kaps prepares to compete in one of Sri Lanka’s leading […]

