රුමේෂ් තරංග ඔලිම්පික් පදක්කම් බලාපොරොත්තුව අලුත් කරයි!

ෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන “කිප් කෙයිනෝ ක්ලැසික්” තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.ඒ මීටර් 89.28ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින්.

ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ජාතික වාර්තාව මෙන්ම හෙල්ල විසිකිරීමේ ඉසව්වේ වත්මන් ශූරයා වන රුමේෂ් 2026 වසර තුළ දින 30ක් තුළ මීටර් 89ට වැඩි දක්ෂතාවයක් දැක් වූ දෙවෙනි අවස්ථාව මෙයයි. රුමේෂ් තරංග මේ වන විට පිරිමි හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම්හි 9වෙනි ස්ථානයේ රැදී සිටී.

රුමේෂ් යනු මේ වන විට ලෝක මට්ටම තුළ ශ්‍රී ලංකාව සතු ප්‍රමුඛතම මලල ක්‍රීඩා බලාපොරොත්තුව වන අතර ශ්‍රී ලංකාව දිගු කාලයක සිට බලාපොරොත්තුවෙන් සිටින ඔලිම්පික් පදක්කමක් දිනා දීමේ ප්‍රධාන බලාපොරොත්තුව බවටද රුමේෂ් තරංග මේ වන විට පත්ව තිබේ.

Back To Top