ශ්‍රී ලංකාවට වෙරළ කබඩි පදක්කම් දෙකක්!

චීනයේ සන්යාහී පැවැත්වෙන 6වෙනි වෙරළ ක්‍රීඩා උළෙලේ කාන්තා සහ පිරිමි කබඩි ඉසව්වලදී රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම් සමත් වුණා.

ශ්‍රී ලංකා වෙරළ කබඩි කණ්ඩායමට අවසන් මහා තරගයේ ප්‍රතිවාදීන් ලෙස මුණ ගැසුණේ ඉන්දීය කණ්ඩායම වන අතර එහිදී 31ට 47ක් ලෙස පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා.ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකා කණ්ඩායමක් අවසන් මහා තරගයකට පැමිණ තිබුණේ ඉතිහාසයේ පළමු වරට වීමද විශේෂත්වයක්.ඒ අනුව රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කබඩි කණ්ඩායම ඊයේ (අප්‍රේල් 27) සමත්වුණා.

මීට අමතරව පිරිමි කබඩි ඉසව්වේ අවසන් පූර්ව වටය තෙක් පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමද ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් වුණා.

ක්‍රීඩා උළෙලේ 7වෙනි දවස අවසන් වන විට රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් 4ක් සමගින් පදක්කම් සටහනේ ශ්‍රී ලංකාව 10වෙනි ස්ථානයේ පසුවේ.

Back To Top