Category: Sinhala

හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කම් දෙකක්.

දකුණු කොරියාවේ මොක්පෝහී පැවැත්වෙන ආසියානු විසිකිරීමේ ශූරතාවලියේ කාන්තා සහ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම් දිනා ගැනීමට නදීෂා ලේකම්ගේ සහ සුමේධ රණසිංහ අද සමත් වුණා. කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී මීටර් 56.79ක දක්ෂතාවයක් දැක්වීමට දිල්හානි ලේකම්ගේ සමත් වූ අතර මේ කාලසීමාව තුළ ඇය වාර්තා කළ හොදම දුර ප්‍රමාණය මෙයයි.මේ ඉසව්වේ රන් පදක්කම ජපානයට හිමි උනා. පිරිමි […]

ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ 10වෙනි ස්ථානය ශ්‍රී ලංකාවට!

චීනයේ සන්යාහී පැවැත්වුණු 6වෙනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල ඊයේ අවසන් උනා. මෙම තරගාවලියේදී පදක්කම් 7ක් සමගින් 10වෙනි ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා.තරගාවලියට රටවල් 45ක් සහභාගී වී සිටියා. ශ්‍රී ලංකාව දිනාගත් පදක්කම් අතර කිලෝග්‍රෑම් 50 කාන්තා මල්ලවපොර රන් පදක්කමක්,කාන්තා දුර පැනීම රිදී පදක්කමක්,කාන්තා කබඩි රිදී පදක්කමක්,කාන්තා දුර පැනීම ලෝකඩ පදක්කමක්,පිරිමි දුර පැනීම ලෝකඩ පදක්කමක්,පිරිමි […]

පැතුම් නිස්සංකගේ සුපිරි අර්ධ ශතකය දිල්ලියට ජය ගෙන එයි!

2026 IPL තරගාවලියේ 43වෙනි තරගය ඊයේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර පැවැත්වුණා.තරගය කඩුලු 7කින් පහසුවෙන් ජය ගැනීමට පැතුම් නිස්සංක ක්‍රීඩා කළ් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 225ක් රැස් කරා.එහීදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායක රියන් පරග් ලකුණු 90ක් රැස් කරගෙන සිටියදී […]

2026 IPL තරගාවලියෙන් මුම්බායි ඉන්දියන්ස් ඉවතට විසිවෙයි.

2026 IPL තරගාවලියේ 44වෙනි තරගය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර චෙන්නායිහීදී ඊයේ පැවැත්වුණා.තරගය කඩුලු 8කින් පහසුවෙන් ජයග්‍රහණය කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා. ඒ අනුව මෙවර IPL තරගාවලියේ මෙතෙක් මුහුණ දුන් තරග 9න් 7ක් පරාජය වී තරග දෙකක් පමණක් ජයග්‍රහණය කර සිටින මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට Play offs වටයට යාමට නොහැකි […]

බැංගලෝරය පැරදවූ ගුජරාටයට කඩුලු 4ක ජයක්

2026 IPL තරගාවලියේ 42වෙනි තරගය ඊයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර අහ්මදාබාද්හී නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. තරගය පන්දු 25ක් ඉතිරිව තිබියදී කඩුලු 4කින් ජයගැනීමට සමත් වූවේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම.මුලින්ම පන්දුවට පහර දුන්න රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ සියලු කඩුලු පන්දුවාර 19.2කදී දැවී ගියේ ලකුණු 155කට.දෙව්දත් පඩික්කල් රැස් කළ වේගවත් ලකුණු 40 සහ […]

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන පිරිමි Major Club තරගාවලිය මැයි මස 13 වැනිදා සිට

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන පිරිමි Major Club තරගාවලිය මැයි මස 13 වැනිදා සිට මැයි 31වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා,ඒ විස්සයි විස්ස ආකෘතියෙන්.මෙවර තරගාවලිය කාණ්ඩ 2කින් යුතුවන අතර කණ්ඩායම් 14ක් තරග වැදීමට නියමිතයි. පළමු වටයේ තරග මැයි 17වෙනිදා සිට 25වෙනිදා දක්වා පැවැත්වෙන අතර අර්ධ අවසන් පූර්ව තරග පී සරා ඕවල් සහ සීසීසී ක්‍රීඩාංගණ වලදී රාත්‍රී […]

කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කරන Peshawar Zalmi පිළ PSL අවසන් මහා තරගයට!

2026 පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කරන Peshawar Zalmi කණ්ඩායම පසුගිය අප්‍රේල් 28වෙනිදා සමත් වුණා. ඒ Islamabad United කණ්ඩායම Qualifiers තරග වටයේදී ලකුණු 70කින් පරාජයට පත් කරමින්. මෙවර PSL තරගාවලියේ අවසන් මහා තරගයට Peshawar Zalmi කණ්ඩායම ගෙන යෑමේදී කුසල් මෙන්ඩිස්ද තම පිත්තෙන් විශාල කාර්යභාරයක් ඉටු කරා.ඔහු තමන් ක්‍රීඩා කළ […]

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අතුරු කමිටුව නම් කෙරේ!

9 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අතුරු කමිටුව නම් කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සහ විධායක කමිටුව අද ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ඉල්ලා අස්වීමේ ලිපි ඉදිරිපත් කිරීමෙන් පසුවයි මෙම පත් කිරීම සිදු කර ඇත්තේ. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් […]

බංගලි කතුන් අසරණ කළ සිංහ ධේනුවන්!

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයේ විස්සයි විස්ස තරගාවලිය අද Sylhetහීදී ආරම්භ උනා.පළමු තරගයෙන්ම සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම පරාජය කරමින් ලකුණු 25ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (අප්‍රේල් 28) සමත් වුණා. කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායිකා සුල්තානා ජෝති මුලින්ම පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කරා.පන්දුවාර 20ට ලකුණු 161ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට […]

ශ්‍රී ලංකාවට වෙරළ කබඩි පදක්කම් දෙකක්!

චීනයේ සන්යාහී පැවැත්වෙන 6වෙනි වෙරළ ක්‍රීඩා උළෙලේ කාන්තා සහ පිරිමි කබඩි ඉසව්වලදී රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම් සමත් වුණා. ශ්‍රී ලංකා වෙරළ කබඩි කණ්ඩායමට අවසන් මහා තරගයේ ප්‍රතිවාදීන් ලෙස මුණ ගැසුණේ ඉන්දීය කණ්ඩායම වන අතර එහිදී 31ට 47ක් ලෙස පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා.ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකා […]

දිල්ලිය අසරණ කළ රාජකීය අභියෝගකරුවන්ගේ පන්දු යැවීම!

2026 IPL තරගාවලියේ 39වෙනි තරගය දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර ඊයේ දිල්ලිහි අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. කාසියේ වාසිය දිනාගත් රාජත් පටීදාර්ගේ ආරාධනයෙන් මුලින්ම පන්දුවට පහර දීමට පැමිණි දිල්ලි කණ්ඩායමේ ඉනිමේ කඩුලු අඩකට වැඩි කොටසක් 4වෙනි පන්දුවාරය වන විටත් දිල්ලියට අහිමි කරවන්න රෝයල් චැලෙන්ජර්ස් පන්දු යවන්නන් සමත් වුණා. මෙහිදී පළමු කඩුලු 6න් […]

ශ්‍රී ලංකා – බංග්ලාදේශ කාන්තා විස්සයි විස්ස සටන හෙටින් ඇරඹේ!

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයේ විස්සයි විස්ස තරගාවලිය හෙට (අප්‍රේල් 28) ආරම්භ වීමට නියමිතයි. මෙම තරගාවලියට විස්සයි විස්ස තරග තුනක් ඇතුළත් වන අතර සියලූම තරග Sylhetහීදි පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම් මීට පෙර විස්සයි විස්ස තරග 10කදී එකිනෙකා මුණගැසී ඇති අතර ඉන් තරග 10ක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගනිද්දි බංග්ලාදේශය […]

Back To Top