Category: Cricket

නව නායකත්වයන් දෙපළක් යටතේ සිංහ පුතුන් සිම්බාබ්වේ තරගාවලියට

එළඹෙන ජනවාරි මස 6වනදා සිට ආරම්භ වීමට නියමිතය සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි එක්දින හා විස්සයි විස්ස තරගාවලිය සදහා මූලික සංචිත දෙකක් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කොට ඇත. ඒ අනුව නව නායකයන් දෙපළක් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ තරගාවලිය වෙනුවෙන් එක්වනු ඇත. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම කුසල් මෙන්ඩිස් භාරයට පත් වද්දී එහි උපනායකත්වය […]

ලෝක කුසලානයට ගිය රැසකට කණ්ඩායමේ දොර වැසෙයි

සිම්බාබ්වේ කණ්ඩායම සමගින් එළඹෙන ජනවාරි මසදී පැවැත්වෙන එක්දින හා විස්සයි විස්ස තරග වෙනුවෙන් ක්‍රීඩකයන් 22කින් යුතු මූලික සංචිතයක් නම් කොට ඇත. ඒ අනුව මේ දිනවල ක්‍රියාත්මක අන්තර් සමාජ එක්දින තරගාවලියේ දස්කම්ද සැලකිල්ලට ගෙන මෙම ක්‍රීඩකයන් 22 ලැයිස්තුව නම් කොට ඇත. මෙම සංචිතය ක්‍රීඩකයන් 15 දෙනෙකු දක්වා අඩු කිරීමට නියමිත අතර අවසන් සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිර්දේශය […]

දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලිය ඉන්දීය පිතිකරුවන්ට අභියෝගයක් වේවි – ෆැෆ් ඩුප්ලෙසිස්

ඉන්දීය පිතිකරුවන්ට දකුණු අප්‍රිකානු තත්ත්වයන් තුළ ක්‍රීඩා කිරීමට අපහසු වන්නේ මන්දැයි හිටපු දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලෙසිස් පැහැදිලි කර තිබේ. දෙපිල අතර සෙන්චූරියන්හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට පෙර අදහස් දක්වමින් ඩු ප්ලෙසිස් මේ බව සසදහන් කොට ඇත.ඉන්දියාව මෙතෙක් දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරගාවලියක් ජයගෙන නොමැත. තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී සත්කාරක කණ්ඩායමට අභියෝග කළ හැකි […]

මොකක්ද මේ “බොක්සිං දින” ටෙස්ට් තරගය කියන්නේ ?

බොක්සිං දින ටෙස්ට් තරඟය ආරම්භ වන්නේ දෙසැම්බර් 26 වෙනිදා එනම් නත්තලට පසු දිනයි. ඉතිහාසයේ පළමු වරට බොක්සිං දින ටෙස්ට් තරගය නමින් ටෙස්ට් තරගයක් පැවැත්වූයේ 1980 දීය. ඉතින් අපි බලමු මොකක්ද මේ බොක්සිං දින ටෙස්ට් තරගය කියන්නේ කියලා. මෙම වසරේදී බොක්සිං දින ටෙස්ට් තරගය වෙනුවෙන් ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව සහ පකිස්තානය මේ වන විටත් සූදානමින් පසුවෙයි. […]

සිම්බාබ්වේ තරගාවලියේ ප්‍රවේශපත් නිකුත් කෙරේ

එළඹෙන ජනවාරි මස පැවැත්වීමට නියමිත සිම්බාබේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළ ප්‍රවේශපත් නිකුත් කිරීම ආරම්භ කොට තිබෙනවා. ඒ අනුව අද දිනයේ පටන් SrilankaCricket නිළ වෙබ් අඩවිය ඔස්සේ ප්‍රවේශපත් මිළදී ගැනීමට අවස්ථාව හිමි වී ඇත. ජනවාරි මස 4 වනදා සිට කොළඹ R ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හා විද්‍යා මාවතේ පිහිටි SLC ටිකට් පත් කවුන්ටරයෙන් මිළදී ගත හැකිය. […]

හොකී ක්‍රීඩාවේ අභිවෘද්ධියට ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය දක්වයි

මේ වන විට අබලන් තත්වයේ ඇති ටොරින්ටන් හොකී ක්‍රීඩාංගණය ඉකමින් නවීකරණය කරන බවට ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා සදහන් කොට ඇත. ක්‍රීඩා රාජ්‍යය අමාත්‍යවරයා ටොරින්ටන් හොකී හා පැසිපන්දු ක්‍රීඩාංගණ නිරීක්ෂණය වෙනුවෙන් පැමිණි අවස්ථාවේ මේ බව සදහන් කොට සිටියා. මෙම ක්‍රීඩාංගණ වසර කිහිපයකින් නවීකරණය කර නොතිබීම හේතුවෙන් ඒවා දැඩි අබලන් තත්වයේ පවතින අතර ක්‍රීඩා කිරීමට […]

හිටපු කොදෙව් නායකයාට එංගලන්තයෙන් පුහුණුකරු තනතුරක්

හිටපු බටහිර ඉන්දීය කොදෙව් නායක කිරන් පොලාඩ් එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ දී එංගලන්තය කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතය. වත්මන් ලෝක ශූර එංගලන්ත කණ්ඩායම කැරිබියානු තත්වයන් පිළිබඳ දේශීය දැනුම අපේක්ෂාවෙන් පොලාඩ් එංගලන්ත පුහුණු කාර්‍ය මණ්ඩලයට එක් කොට ගෙන ඇත. ලබන ජුනි මාසයේදී කැරිබියන් දූපත් සහ ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන පිරිමි විස්සයි20 ලෝක කුසලාන […]

ඉන්දීය කාන්තා කණ්ඩායමට ඓතිහාසික ටෙස්ට් ජයක්

ස්නේහ් රානා සහ රාජේෂ්වරි ගයක්වාඩ් ඕස්ට්‍රේලියාවට එරෙහිව විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදී ඉන්දියාව ඓතිහාසික ජයග්‍රහණයක් උරුම කර දෙන්නට සමත් විය. එය ඔස්ට්‍රේලියාවට එරෙහිව ඉන්දීය කාන්තා කණ්ඩායම ලැබූ පළමු ටෙස්ට් ජයග්‍රහණය විය. ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයට අදාළව පැවති එකම ටෙස්ට් ක්‍රිකට් වූ මෙම තරගයේ කාසිය වාසිය දිනූ ඕස්ට්‍රේලියාව පළමුව පන්දුවට […]

මලින්ද වර්ණපුරට ක්‍රිකට් අධ්‍යක්ෂක තනතුරක්

නවසීලන්තයේ ජොන්සන්විල් ක්‍රිකට් සමාජය පූර්ණකාලීන පුහුණු හා සංවර්ධන අධ්‍යක්ෂවරයා ලෙස හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් පිතිකරු මලින්ද වර්ණපුර බඳවාගෙන ඇත. ඒ අනුව මෙම තනතුර වෙනුවෙන් බදවාගත් පළමු පුද්ගලයා වනුයේ මලින්ද වර්ණපුරයි වර්ණපුර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 14ක්ද සහ එක්දින තරග තුනකට ක්‍රීඩා කොට ඇත. එමෙන්ම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙසින් ද කටයුතු […]

මම සෑම විටම ටෙස්ට් ක්‍රිකට් සහ ජාත්‍යන්තර ක්‍රිකට් වලට ප්‍රමුඛත්වය දෙනවා – මිචෙල් ස්ටාක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ වැඩිම ලංසුවක් හිමි වූ ක්‍රීඩකයා ලෙසින් වාර්තා පොත් අතරට එක්වන්නට ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් සමත් විය. ඒ පසුගියදා පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී කෝටි 24.75ක මුදලකට අලෙවි වීමත් සමගයි.කොල්කටා නයිට්‍රයිඩර්ස් කණ්ඩායම විසින් ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක්ට වාර්තා ගත ලංසුවක් තබමින් සිය කණ්ඩායමට එක් කොට […]

හර්දික්ට ඇෆ්ගනිස්තාන තරගාවලිය හා IPL තරගාවලිය අහිමි වන ලකුණු

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය වෙනුවෙන් මුම්බායි ඉන්දියන්ස් වෙත නැවත පැමිණීමෙන් පසුගිය දිනවල පුවත් සිරස්තල මැවූ හර්දික් පාණ්ඩ්‍යා තරඟාවලියට සහභාගී වීම සැක සහිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට ඇත. ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව පැවති තරඟයේදී පාණ්ඩ්‍යාට වළලුකර ආබාධයක් ඇති වූ අතර, NDTV ඇතුළු බොහෝ සුප්‍රසිද්ධ මාධ්‍ය වාර්තා කර ඇත්තේ 2024 T20 ලෝක කුසලානය වෙනුවෙන් යෝග්‍යතාවයෙන් […]

19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියක් එළඹෙන වසරේදී

එංගලන්ත, ශ්‍රී ලංකා හා ඕස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම් අතර තුන් කොන් තරගාවලියක් එළඹෙන වසරේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙම තරගාවලිය එළඹෙන වසරේ මාර්තු – අප්‍රේල් කාල වකවානුවේ දී පැවැත්වෙනු ඇත. එමෙන්ම එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළව එක්දින තරග හා විස්සයි විස්ස තරග වලට ක්‍රීඩා […]

Back To Top